SRILANKAN NEWS

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තා විවාදය හෙටත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තා විවාදය තව දිනයකින් දීර්ඝ කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ විවාදය හෙට(2) දිනත් පැවැත්වීමට කටයුතු කරන බව කථානායක කරු ජයසුරිය මහතා අද(1) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව ඔත්තෝම්බර් 30 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය දින තුනක් පැවැත්වීමට නියමිතව තිබිණි.