SRILANKAN NEWS

අන්තරේ හා සිසු කණ්ඩායමක් අතරවූ ගැටුමකින් තුනක් රෝහලට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පිරිසක් හා වෙනත් ශිෂ්‍ය කණ්ඩායමක් අතර  ජයවර්ධනපුර සරසවියේ දී දරුණු ගැටුමක් ඇතිවී තිබෙනවා.

පොලීසිය සඳහන් කරන පරිදි ඊයේ (30) මධ්‍යම  රාත්‍රියේදී  විශ්ව විද්‍යාලයේ පැවති පිරිතක් අතර තුර මෙම ගැටුම හටගෙන ඇති අතර  සිසුන් තිදෙනෙකු තුවාල ලබා කලුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර තත්වය සමනය කරගැනීම අපහසු වූ බව පොලිසිය පවසනවා.

සිද්ධියෙන් පසු පොලිසිය හා විශේෂ කාර්ය බලකාය කැදවා සිසුන් විසුරුවා හැර ඇති බවද පොලිසි සදහන් කරයි.