SRILANKAN NEWS

20 වන සංශෝධනය ඌව පළාත් සභාවේ දී පරදී

පළාත් සභා ඡන්දය සෑම පළාත් සභාවකම එකම දිනකදී පැවැත්වීමට අදාළ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට ඌව පළාත් සභාව තුළ පරාජය වී ඇත.

අදාළ සංශෝධන පනත් කෙටුම්පත අද(24) පෙරවරුවේ ඌව පළාත් සභාවේ ඉදිරිපත් කළ අවස්ථාවේ දී පනතට පක්ෂව ඡන්ද 5 ක් හා විපක්ෂව ඡන්ද 12 ක් හිමිව තිබේ. ඒ අනුව වැඩි ඡන්ද 7 කින් එම පනත් කෙටුම්පත ඌව පළාත් සභාවේ පරාජය වී ඇත.

මෙම කෙටුම්පත පසුගිය (22) උතුරුමැද පළාත් සභාවේදී සම්මත වූ අතර, එය ඊයේ (23) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

Tags