SRILANKAN NEWS

කාන්තාවන් සහ පිරිමින් හඞා වැලපෙන හඞ ඇහුනා – එක්සත් ජාතින්ගේ සංවිධානයේදී සසිරේකා තමිල්සෙල්වන්

වව්නියාව ජෝසෆ් කඳවුරේදී, කාන්තාවන් සහ පිරිමින් අඞා වැලපෙන හැඞ ඇසුනු බව කොටි සංවිධානයේ හිටපු දේශපාලන අංශ භාර ප්‍රධානි පී. තමිල්සෙල්වන්ගේ බිරිඳ සසිරේකා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී පවසා තිබේ.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ ගෘහස්ථ ශාලාවේදී පැවැති මානව හිමිකම් පිළිබඳ සැසිවාරයට සහභාගිවෙමින් ඇය මේ බව පවසා තිබේ.“අවසන් යුද්දය පැවැති සමයේදී, මාව සහ මගේ දරුවන් දෙදෙනා ප්‍රශ්ණ කිරීමකට යැයි පවසා සිවිල් ඇඳුමින් පැමිණි පිරිසක් රාත්‍රී 1ට පමණ රැගෙන ගියා, ජෝසෆ් කඳවුරට ළඟාවූ විට මගේ ඇස් දෙක බැඳලා දැම්මා.. මගේ ඇස් බැඳ තිබුණත් කාන්තාවන් සහ පිරිමින් වදහිංසාව කිරීම හේතුවෙන් අඞා වැලපෙන හඞ ඇහුණා.. එය පොළව යට ඉදිකළ වදකාගාරයක් බවට මට වැටහුණි,

“ශ්‍රී ලංකාවේ අධික වශයෙන් වදහිංසා කළ කඳවුරක් ලෙස සැලකෙන ජෝසෆ් කඳවුරේ කාමරයක මාව තනිව රඳවා තබා ප්‍රශ්ණ කරන විට කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන් ගැන ප්‍රශ්ණ කළා.. මම දන්න සියළු කරුණු ඔවුන්ට පවසා සිටියා“ යැයි සසිරේක පවසා තිබේ.

ප්‍රශ්ණ කිරීම්වලින් අනතුරුව බස් රථයකින් රාමනාදපුරම් කඳවුරට යැවූ බවත්, එහිදී තම ජීවිතයට හමුදාවගෙන් දැඩි තර්ජනයක් තිබූ බවද ඇය පවසා තිබේ.

වන්නි දිස්ත්‍රික්ක ආඥාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනර් ජගත් ජයසූරිය මහතා විසින් පසුගිය 2007 කාල වකවානුවේදී මෙම ජෝසෆ් කඳවුර නැමැති වදකාගාරය පවත්වාගෙන ගිය බවට ජාත්‍යන්තර සංවිධාන රැසකින් යුද අපරාධ චෝදනා එල්ලවී තිබේ.

ජෝසෆ් වදකාගාරයේදී දෙමළ තරුණ තරුණියන් ඉතා දරුණු වදහිංසාවලට ලක්වූ බවට ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණත්වය උදෙසා වූ සංවිධානයේ ප්‍රධානී යස්මින් සූකා පවසා තිබුණි. කෙසේ නමුත් මෙම චෝදනා සියල්ල හිටපු රජය සහ වත්මන් රජය තරයෙන් ප්‍රතික්‍ෂේප කර තිබීම විශේෂත්වයකි.