SRILANKAN NEWS

නිදහස් පක්‍ෂයේ කොළඹ නගරාධිපති අපේක්‍ෂයා ලෙස අසාද් සාලි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස අසාද් සාලි මහතාව ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. කොළඹ මන නගර සභාව වෙනුවෙන් තරඟ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගෙන් ඉල්ලා සිටි බව අසාද් සාලි මහතා පවසා තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්‍ධයෙන් නිදහස් පක්‍ෂය විසින් මෙතෙක් ඒ ගැන කිසිඳු තීරණයක් ගෙන නොමැති බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

මීට පෙර අසාද් සාලි මහතා එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් කොළඹ මානගර සභාවේ උප නගරාධිපති ලෙස කටයුතු කර තිබීම ද විශේෂත්වයකි.