SRILANKAN NEWS

දෙමළ ජාතික සභාව TamilNational Council –T.N.C. – උදාවෙයි.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, මෙළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ සම අයිතිවාසිකම් ව්‍යාපාරය, සහ පොදු සංවිධාන අතරවූ අවබෝධතා ගිවිසුම.

පෙරවදන
දෙමළ ජනතාවගේ දිගු කාලීන් අපේක්‍ෂාව දිනා ගැනීමටත්, දෙමළ ජනතාවට එරෙහිව සිඳුවූ අයුක්තියට සාධාරණයක් ඉලක්ක කර දෙමළ මහජන සභාව විසින් ඉදිරිපත් කළ දේශපාලන කෙටුම්පත් ජාතික ප්‍රතිපත්තියක් ලෙස පෙරටු කර ඉහත සඳහන් සංවිධාන එක්වී හෘද සාක්‍ෂියෙන් කටයුතු කරන දේශපාලන බලවේගයක් ලෙස මෙම ව්‍යාපාරය පිහිටුවා ඇත.

1- නම : දෙමළ ජාතික සභාව TamilNational Council –T.N.C.

2. අරමුණ : ඉහත සඳහා සංවිධාන එක්වී දෙමළ මහජන සභාව විසින් 10.24.2016 දින එළිදැක්වූ විසඳුම් යෝජනාව දිනා ගැනීම, දෙමළ ජනතාවට එරෙහිව සිඳුකළ අයුක්තියට සාධාරණීය යුක්තියක් ලබා ගැනීම අරමුණ කොට මෙම දේශපාලන මහ බලවේගය ක්‍රියාත්මක වනු ඇත..

3. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොදු ලකුණක් ලබා ගැනීමට නොහැකිවීමෙන් පාපැදි ලකුණින් තරඟ කරනු ඇත.

4. අනාගතයේදි දෙමළ ජාතික සභාව නමින් මෙම සන්ධානය ලියාපදිංචි කර නව ලකුණක් ලබා ගෙන ඉහත සඳහන් අරමුණ ළඟාවීමට කටයුතු කරනු ඇත.

5. මෙම සන්ධානයෙහි සන්ධානගත පොදු සංවිධානවලට සිය ස්වාධීනත්වය රැක ගැනීමට හැකිය.

ඉහත සඳහන් කරුණු කියවා අවබෝධ කරගෙන එය පිළිගෙන 2017 සැප්තැම්බර් මස 6 වනදින මෙම අවබෝධතා ගිවිසුමට පහත සඳහන් පක්‍ෂ හා සංවිධානවලින් අත්සන් තබන ලදි.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය
දෙමළ ජාතික ජනතා පෙරමුණ
දෙමළ සම අයිතිවාසිකම් ව්‍යාපාරය
සහ පොදු සංවිධාන අතරවූ අවබෝධතා ගිවිසුම