SRILANKAN NEWS

පළාත් පාලන ආයතන 248ක නාමයෝජනා බාරගැනීම හෙට (18) සිට

පළාත් පාලන ආයතන 248ට අදාල නාමයෝජනා භාරගැනීම සදහා සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

පළාත් පාලන ආයතන 93කට අදාළ නාමයෝජනා බාර ගැනීමේ කටයුතු පසුගිය 11 වනදා ආරම්භ වූ අතර එම කටයුතු 14 වනදා මධ්‍යහන 12.00න් අවසන් විය.

සෙසු පළාත් පාලන ආයතන 248 සදහා නාමයෝජනා කැඳවීම එළඹෙන සදුදා (18) දිනයේ දී ආරම්භ වී දෙසැම්බර් මස 21 වනදා මධ්‍යහන 12.00න් අවසන් වීමට නියමිතය.

එමෙන්ම 18වනදා සිට 20වනදා තෙක් උදෑසන 8.30 සිය සවස 4.15 දක්වා නාමයෝජනා භාරගැනීමේ කටයුතු සිදුකෙරෙන බවද මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.

සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නාමයොජනා භාරගැනීමේ කටයුතු සිදුකෙරෙන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල සඳහා පොලිස් ආරක්ෂාව යෙදවීමටද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

නාමයෝජනා භාරගැනිමෙන් අනතුරුව මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

මේ අතර නාමයෝජනා ප්‍රතික්ෂේප වීම වලක්වා ගැනිම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමිසම සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි.