SRILANKAN NEWS

ජනපතිවරයා එ.ජ.නි.ස. නායකයා බැවින් විපක්‍ෂ නායක ධූරය එම පක්‍ෂයට ලබාදිය නොහැක.

එකම පක්‍ෂය නියෝජනය කරන දෙදෙනෙකුට ජනාධිපති සහ විපක්‍ෂ නායකය ධූරයේ සිටිය නොහැකි බවත්, ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා බැවින් විපක්ෂ නායක ධුරය එම පක්ෂයට ලබාදිය නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂ නායකත්වය ලබාදිය යුතු යැයි කළ ප්‍රකාශය සම්බන්‍ධයෙන් සුමන්දිරන් මහතා මේ බව පවසා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරයෙකු වන අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පක්‍ෂයේ නායකයාය. එමෙන් එකම පක්‍ෂය නියෝජනය කරන දෙදෙනෙකුට රට පාලනය කරන ජනාධිපතිවරයා ලෙස සහ විපක්‍ෂ නායක ධූරය ද දැරිය නොහැක. මේ හේතුවෙන් විපක්ෂ නායක ධුරය එම පක්ෂයට ලබාදිය නොහැකි බව සුමන්දිරන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.