SRILANKAN NEWS

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රන් භාණ්ඩ තොගයක් අත්අඩංගුවට

සිංගප්පූර්වේ සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රන් භාණ්ඩ තොගයක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක රේගුව අද උදෑසන සිදුකළ වැටලීමකදී සැකකරු සිය ගමන් මල්ලේ සඟවාගෙන රැගෙන ආ මෙම රන් භාණ්ඩ සොයාගෙන ඇති අතර, එහි වටිනාකම කෝටි එකහමාරකට ආසන්න බව කටුනායක රේගුව සඳහන් කරයි.

සැකකරු මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තිස්දෙහැවිරිදි පුද්ගලයෙකු බව වාර්තාවේ.