SRILANKAN NEWS

පාසල් සිසුවෙකුට සිඳුකළ පහරදීමක් – සැකකරුවන් හඳුන්වා දුන් නමුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ..

කිලිනොච්චිය, පුලියම්පොක්කනයි නාකතම්බිරාන් කෝවිලේ වාර්ෂික පොංගල් උත්වසයදී කිලිනොච්චිය නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක සිසුවෙකුට පිහියෙන් ඇණ තුවාල සිඳුකර තිබේ.

පසුගිය 30 වනදා රාත්‍රී 9ට පමණ මෙම සිද්ධිය සිඳුව ඇති නමුත් ඊයේ (1) දින වනතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැත. අදාල සැකකරුවන් පොලීසියට පැහැදිළිව හඳුන්වා දී ඇති නමුත් මෙතෙක් ඔවුන්ව අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් පොලීසිය කෙරෙහි සැකයක් පවතින බව පිහි ඇණුමෙන් තුවාල ලැබූ සිසුවාගේ දෙමව්පියන් පවසා තිබේ.

පොලීසිය ඉතා නොසැලකිලිමත්ව කටයුතු කරන බවත්, මේ හේතුවෙන් මෙවැනි සමාජ විරෝධි කටයුතුවල නිරතවන පුද්ගලයන් ධෛර්යමත් වන බවද දෙමව්පියන් පවසා තිබේ. තරුණයන් පිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිඳුව ඇති බව වාර්තාවේ.