SRILANKAN NEWS

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව හෙට ආරම්භ වෙයි..

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ සමුළුව හෙට (16) ආරම්බ විමට නියමතය.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ එය හෙට සිට 20 වන දින දක්වා පැවැත්වෙන බවය. ඒ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 53හි රාජ්‍ය නායකයින් සහභාගී වීමට නියමිතය.

ලන්ඩන් නුවරදී පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ “පොදු අනාගතයන් උදෙසා” යන්නයි.

මේ අතර එම සමුළුවට සහභාගී විම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් රාජධානීය බලා පිටත්ව යාමට නියමිතව තිබේ. ජනාධිපතිවරයා රාජ්‍ය නායක සමුළුවට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශකයා ලෙසද සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.