SRILANKAN NEWS

මුල්ලිවායිකාල් අනුස්මරණ සිද්ධස්ථානය – තහනම ඉවතට

යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයදී මුල්ලිවායිකාල් අනුස්මරණ සිද්ධස්ථානයක් ඉදිරිපත් කිරීම සම්බන්‍ධයෙන් පනවා තිබූ තහනම, සිසුන් හා පරිපාලකයන් අතර ඇතිවූ එකඟතාවයකින් අනතුරුව ඉවත් කර තිබේ.

වන්නි අවසන් යුද්දයේදී මියගිය සරසවි සිසුන්, ඥාතීන් ඇතුළු මුල්ලිවායිකාල් ඛෙදවාචකය සිහිපත් කිරීමට අනුස්මරණ සිද්ධස්ථානයක් ඉදිකිරීමට යාපනය සරසවි සිසුන් තීරණය කර තිබුණි.

ඒ අනුව, ඒ සඳහා වූ වැඩකටයුතු පසුගිය බදාදා (18) දින යාපනය සරසවි භූමියේදී ආරම්භ කර ද තිබුණි. කෙසේ නමුත් එම ස්ථානයේදී අනුස්මරණ සිද්ධස්ථානයක් ඉදිකිරීමට සරසවි පාලනධිකාරියේ නියෝගයකට අනුව තහනම් කෙරුණි.

අනතුරුව සරසවි පාලනධිකාරිය සහ සිසුන් අතර පැවැති සාකච්ඡාවේදී, එම අනුස්මරණ සිද්ධස්ථානය මහවිරු අනුස්මරණ ස්ථානයට අසල ඉදිකරන්නැයි පාලනධිකාරිය විසින් කළ ඉල්ලීම පිළිගත් සිසුන්, පසුගිය (19) වන දා සිට පාලනධිකාරිය විසින් සඳහන් කළ ස්ථානයකදී මුල්ලිවායිකාල් අනුස්මරණ සිද්ධස්ථානය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළේය.

ඒ අනුව, මෙම මුල්ලිවායිකාල් අනුස්මරණ වැඩසටහන ලබන මැයි 18 වනදා යාාපනය සරසවි භූමියේදී සරසවි සිසුන් විසින් පැවැත්වීමට නියමිත බව පැවැසේ.