SRILANKAN NEWS

ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට සිරදඩුවම්

හෝමාගම අධිකරණයේ දී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට බැන තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස හයකින් ගෙවී යන ලෙස බරපතල වැඩ සහිත වසරක සිර දඩුවමක් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය අද (14) නියම කළේය.

එසේම රුපියල් 3000 ක දඩයක් හා 50,000 ක වන්දියක් ගෙවිමට ද නියම කර ඇත.