SRILANKAN NEWS

මහින්දගේ මන්ත්‍රී ඇතුළු 03ක් ගිනිඅවි සමග අත්අඩංගුවට

ව්‍යාපාරිකයෙකුට ගිනිඅවි පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටාන ප‍්‍රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්‍රී දිනේෂ් ද සිල්වා මහතා ඇතුළු තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබේ.

ජා-ඇල, උදම්විට ප‍්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාට අයත් නිවසකදි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ඔවුන් සන්තකයේ තිබී පිස්තෝලයක්ද සොයාගෙන තිබේ.

කටාන ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා ඉකුත් 16 වනදා ජාඇල, මාඑළිය ප‍්‍රදේශයේදී හෝටලයකට ඇතුළු වී එහි හිමිකරුට ගිනිඅවි පෙන්වා මරන තර්ජන එල්ල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සදහා ජා-ඇල පොලීසියට භාරදී ඇත.

 

by – lankatruth.com

Tags