SRILANKAN NEWS

දෙ.ජා.ස. ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසනවා – කෙහෙළිය රඹුක්වැල්ල

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඊයේ (23) බත්තරමුල්ල පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පවසා තිබේ.

2015 වසරේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්වන අවස්ථාවේ දි ජනතාවගේ අනුමැතියකින් තොරව කිසිවක් නොකරන බවට සදහන් කළ නමුත් එම පොරොන්දු ඉටු කරන බවක් දක්නට නොලැබෙන බව හෙතෙම පෙන්වාදී තිබේ.

තවද ආර්.සම්බන්ධන් මහතා විසින් පසුගිය මැතිවරණයේ දි සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඉදිරිපත් කළ ෆෙඩරල් ප්‍රත්පත්තිය ක්‍රියාත්මක කිරීමේ සුදානමක් ආණ්ඩුව තුළ පවතින බව සදහන් කළ මන්ත්‍රිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි සියලුම ඇදුම් ගලවා යට ඇදුමින් හෝ සිටිමට කැමැත්තෙන් සිටින බව ද වැඩිදුරටත් පවසා තිබේ.