SRILANKAN NEWS

කේප්පාපිලවු පැමිණෙන පුද්ගලයන්ව නිරීක්‍ෂණයට ලක්කරන ගුවන් හමුදාව..

කේප්පාපිලවු අරගලයේ නිරතවන ජනතාවට සහාය ලබාදීමට සහ උදව් කිරීමට යන පුද්ගලයන්ව ගුවන් හමුදා සෙබළුන් සිය ජංගම දුරකථන මඟින් ඡායාරූප ගන්නා අතර, එහි පැමිණෙන පිරිසගේ වාහන අංක ද සටහන් කර ගනියි.

කේප්පාපිලවු ජනතාව තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා පසුගිය දින 14ක් තිස්සේ සත්‍යග්‍රහයක නිරතව සිටිති. එම ජනතාවගේ ඉඩමේ ඉදිකර තිබෙන ගුවන් හමුදා කඳවුර එයින් ඉවත්කර තම ඉඩම් යළි ලබා දෙන්නැයි ඉල්ලා එම ජනතාව ගුවන් හමුදාව කඳවුර ඉදිරිපිට මෙලෙස සත්‍යග්‍රහයක නිරතව සිටිති.

ඉකුත් ජනතාවගේ අරගලයට සහාය පළ කර දිනපතා සමාජ ක්‍රියාකරුවන්, තරුණ සංවිධාන, දේශපාලකයන් ඇතුළු විශාල පිරිසක් එම ප්‍රදේශයට පැමිණෙන අතර, එම ජනතාව අවශ්‍ය උදව් උපකාරද ලබා දෙමින් සිටියි. එලෙස පැමිණෙන පුද්ගලයන්ව ගුවන් හමුදා සෙබළුන් ඡායාරූප ගන්නා බව පැවැසේ.

එම ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට පිහිටා තිබෙන මුරපොල සිට මෙලෙස ඡායාරූප ගතකරන බව වාර්තාවේ.