SRILANKAN NEWS

ලසන්ත, කීත්, උපාලි ප්‍රහාර ගැන තමන් දන්නා බව මහින්ද අඟවයි

සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කිරීම හා රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට සහ ද නේෂන් පුවත්පතේ යුද පුවත් වාර්තාකරු ලෙස කටයුතු කළ කීත් නොයාර් මහතාට පහරදීම් පිළිබඳ තමන් දන්වා බවට වූ ඉඟියක් විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වේදීන් ඉදිරියේ පළ කර තිබේ.

මෙම සිදුවීම් තුණම එකම තැනකින් සිදු වූ ඒවා බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ

බීබීසී සංදේශය මාධ්‍යවේදී අසාම් අමීන් මහතා ට්විටර් පණිවුඩයක් මුදාහරිමින් මේ බව හෙළිකර ඇති අතර අදාළ ට්විටර් පණිවුඩය පහත දැක්වේ.

ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කිරීම, උපාලි තෙන්නකෝන් මහතාට සහ ද කීත් නොයාර් මහතාට පහරදීම යන සිදුවීම් සියල්ලම සිදු වූයේ විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස බලය හෙබවූ සමයේ ය.

එකල මෙම සිදුවීම් සම්බන්ධයෙන් සිදු වූ පරීක්ෂණ අඩාල වී තිබිණ.

AzzamTweet 670px 24 02 17
– lankatruth.com