SRILANKAN NEWS

කහවත්ත ප්‍රදේශයේ වෙළඳසැල් දෙකක් ගිනිගනී

කහවත්ත නගරයේ වෙළඳසල් දෙකක් අද(23) අලුයම හටගත් ගින්නකින් එහි තිබූ භාණ්ඩ රැසක් සම්පූර්ණයෙන් ම විනාශ වී ගොඩනැගිල්ලට ද හානි සිදුව ඇතැයි කහවත්ත පොලීසිය පවසයි.

අටුළුගම ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකුට අයත් මහල් හතරකින් යුතු වෙළඳසැලක් සහ දෙමළ ජාතිකයෙකුට අයත් වෙළඳසැලක් ද මෙලෙස ගින්නෙන් විනාශවී තිබේ.

තොග බඩු වෙළඳසලක් වූ මෙහි මිලියන ගණනක බඩු තිබු බව හිමිකරුවෝ කියති. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැති අතර ගින්න හටගත් අවස්ථාවේ එහි කිසිවකුත් නොසිටි බවට ද තොරතුරු ඇතැයි පොලීසිය කියයි.

පසුගිය මාසය තුළ මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් වෙළඳසැල් රැසක් ගින්නෙන් විනාශවී තිබීම විශේෂත්වයකි.