SRILANKAN NEWS

දෙහිවල සත්ව උද්‍යානය සැප්තැම්බර් 9ට සිට රාත්‍රී 10 දක්වා විවෘතයි

දෙහිවල ජාතික සත්ව උද්‍යානය සැප්තැම්බර් මස 09 දින සිට රාත්‍රී 7 සිට රාත්‍රී 10 තෙක් විවෘතව තබන බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය අනාවරණය කර සිටියි. දෙහිවල ජාතික සත්ව උද්‍යානය මහජන ප්‍රදර්ශනය සඳහා මෙතෙක් විවෘතව පැවතියේ පෙරවරු 8.30 සිට පස්වරු 6 දක්වා පමණක් වන අතර සත්ව උද්‍යානයේ විශේෂයෙන් වෙන් කරන ලද කොටසක් පමණක් මේ අාකාරයට මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කෙරෙනු අැත.