ශ්‍රී ලංකාව ආගන්තුකයන් අත්පත්කර ගන්නා විට ප්‍රථමයෙන් අත්පත් කළේ වෙරළාසන්න ප්‍රදේශයන්ය. එමඟින් ඉදිරි ක්‍රියාමාර්ග දියත්කර මධ්‍යම පිහිටි පාලන බලය අත්පත් කරගත්තේය. තවද සීමා මායිම්වල තම සලකුණු ද ස්ථාපිත කළේය. මෙවැනි තත්වයක් අද උතුරු පළාතද මුහුණ දෙමින් සිටියි. දෙමළ නිජ භූමියේ මායිම් ගම්මාන අත්පත් කර ගැනීමේ උත්සහය මහ ජාතිකයන් නිරතව සිටියි. තවද එහි තම සලකුණු ස්ථාපිත කිරීමේ කටයුතුවල ද ඔවුන් යෙදී සිටියි.
අහිමි වන කොක්කිලායි…
මුල්ලතීව් දිස්ත්‍රික්කයේ වෙරළබඩ ගම්මානයක් වන කොක්කිලායි ප්‍රදේශයේ සිට 1984 වසරේදී දෙමළ ජනතාව ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා තුලින් පලවා හැරීමේ සිද්ධිය ද එවැනි වැඩපිළිවලකි. මේ හේතුවෙන් දෙමළ ජනතාවට අයත් අක්කර 2149ක ප්‍රදේශයක සිංහල පදිංචි කිරීම් සිදුකර තිබේ.
කොක්කිලායිහි ඉතා අගනා ගොවි බිම් සහ ධීවර ජැටිය ද දෙමළ ජනතාවට අහිමිවී තිබේ. ඉකුත් කේන්ද්‍ර වැදගත්කමින් යුත් ප්‍රදේශය වටා මෙලෙස සිංහල පදිංචි කිරීම් සිදුකර තිබේ. එහිදී සිංහල බෞද්ධ සලකුණු තැන්පත් කර එම ප්‍රදේශයේ ඉතිහාසයම වෙනස් කිරීමේ කටයුතු ද සිදුකර තිබේ.
දැන් ඉඩම් අහිමිවූ කොක්කිලායි දෙමළ ජනතාවට වෙනත් ඉඩම් ලබාදීමට නිළධාරීන් පියවර ගනිමින් සිටියි. අඛණ්ඩව ඉඩම් ආක්‍රමණික කටයුතු සිදුවන අතර, මේ හේතුවෙන් තවඳුරටත් ඉඩම් ආක්‍රමණය කිරීමේ කටයුතු උනන්දු කිරීමක් විය හැක. මෙමඟින් ඉඩම් මූලික කොට පවත්වාගෙන යන ජිවිකාව බාධාවට පත්වනු ඇත. කාලාන්තරයක් තිස්සේ ජීවත්වූ ප්‍රදේශයක ඉතිහාසය, සංස්කෘතිය සහ සම්භවය ප්‍රශ්ණයක් වනු ඇත. ඉඩම් අහිමිවූ ජනතාවට යළි එම ඉඩම් ලබාදීම ගත යුතුම පියවරක් වන අතර, පදිංචි කරන ලද ජනතාවට වෙනත් ඉඩම් ලබාදිය හැක.
ඕදියමලයි ජනතාව ගම හැර යයි..
තවත් වෙරළබඩ ගම්මානයක් වන ඕදියමලයි ප්‍රදේශයේ සිට යටිතල පහසුකම් නොමැතිවීම හේතුවෙන් ජනතාව ගම හැර යමින් සිටිති. 1984 වසරේ ඕදියමලයි සමූල ඝාතන සිදුකර එම ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කෙරුණි. ඕදියමලයි ප්‍රදේශය අවට සිංහල පවුල් පදිංචි කිරීමේ වැඩපිළිවලද අඛණ්ඩව සිදුවෙමින් පවතියි. ඕදියමලයි මායිම් ප්‍රදේශවල සිලෝන් තියේට්ටර, කෙන්ට්ෆාම්, ඩොලර් ෆාම් වැනි සිංහල ගම්මාන පිහිටුවා පදිංචි කිරීම් කටයුතු සිදු කෙරුණි. දැන් යටිතල පහසුකම් සපයා නොදීම හේතුවෙන් එම ජනතාව ප්‍රදේශය හැර යාමේ සීතල යුද්දයක් ඇතිවී තිබේ.
අවතැන්ව යාමට පෙර පවුල් 110ක් ජීවතවූ මෙම ප්‍රදේශයේ අද ජීවත්වන්නේ පවුල් 50ක් පමණි. 1982 වසරේ සිසුන් 150 දෙනෙකු අධ්‍යාපනය ලැබූ පාසලේ අද සිටින්නේ සිසුන් පස් දෙනෙකු පමණි. පැරණිතම පාසලක් වන ඕදියමලයි පාසලට අධ්‍යාපන පහසුකම් හා සම්පත් නොමැතිවීම හේතුවෙන් සිසුන් පාසල හැර යමින් සිටිති. එලෙසම ප්‍රදේශයේ යටිතල පහසුකම් නොමැතිවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් ද ප්‍රදේශය හැර යාමට සිදුව තිබේ.
තවත් ටික කලකින් ඕදියමලයි ජනතාව ජීවත් නොවන ප්‍රදේශයක් බවට පත්වෙයි ද? මෙයට නිළධාරීන් ද සහාය පළ කරනවාදැයි ජනතාව අතර සැකයක්ද පවතියි. මේ අතර, ඕදියමලයි සිට කිලෝ මීටරයක් පමණ දුරින් පිහිටි සිංහල ගම්මානයට යටිතල පහසුකම් ඇතුළු සියළු පහසුකම් සපයාදී තිබීම විශේෂත්වයකි.
ඕදියමලයි ප්‍රදේශයේ යටිතල පහසුකම් පවා ප්‍රතික්‍ෂේපවී තිබෙන්නේ එහි දෙමළ ජනතාව ජීවත් වන හෙයින්ද? දෙමළ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත්වී යාමෙන් අනතුරුව එහි සිංහල පවුල් පදිංචි කිරීමේ අරමුණින් ද මෙලෙස යටිතල පහසුකම් සපයා නොදී සිටින්නේ? මෙතෙක් සිදුකළ ඉඩම් ආක්‍රමණ කටයුතු නිසා ප්‍රශ්ණ රැසක් මතුවී තිබෙන අවස්ථාවක ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීමට අලුතින් නව උපාය මාර්ග දියත් කරමින් සිටියි.
පිටිසර දිස්ත්‍රික්කවල ඉඩම් ආක්‍රමණය…
අපි පිටිසර දිස්ත්‍රික්කවල සේවය කිරීමට, පදිංචියට යාමට මැලිකමක් දක්වන්නෙමු. නමුත් පිටිසර දිස්ත්‍රික්ක ඉලක්ක කරමින් සිංහල පවුල් පදිංචි කිරීමේ වැඩපිළිවල දියත් කර ඇත. කිසිඳු විරෝධයක් නොමැතිව පදිංචි කිරීම් කටයුතු සිදු කිරීමේ අරමුණින් පිටිසර දිස්ත්‍රික්කයන් තෝරා ගන්නා අතර, සම්පත් බහුලව තිබෙන්නේ එවැනි ප්‍රදේශවලය.. සිංහල පදිංචි කිරීම් කටයුතු දියත් කරන්නේ මෙය මූලික කොටගෙනය.
උතුරේ මුල්ලතීව්, මන්නාරම සහ වව්නියාව වැනි දිස්ත්‍රික්කවල පිටිසට ප්‍රදේශවල කිසිඳු විරෝධතාවක් බලපෑමකින් තොරව සිංහල පවුල් පදිංචි කිරීමේ කටයුතු සිදුවෙමින් පවතියි. තවද නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර වැනි දිස්ත්‍රික්කවල ද සැලසුම් සහගතව සිංහල පවුල් පදිංචි කිරීමේ කටයුතු සිදුවේ. නිදහසින් පසු දෙමළ නිජ බිමයෙහි මෙලෙස පදිංචි කිරීමේ කටයුතු තර්ජනාත්මක ලෙස ඉතා සැලසුම් සහගතව සිදු වෙමින් පවතියි. ජන වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් වෙරලබඩ ප්‍රදේශවලින් අවතැන්ව ගිය ජනතාවගේ ඉඩම් සිංහල ජනතාව විසින් අත්පත්කරගෙන තිබෙන අතර, එම ඉඩම්වල ඔප්පු ද සිංහල ජනතාවගේ නමට රජය විසින් වෙනස් කරදී තිබේ.
කිසිවක් නැහැ! හමුදා කඳවුර පමණක් ඇත!!!
උතුර, නැගෙනහිර ඇතම් ප්‍රදේශවල කිසිවක් නැත, නමුත් එහි හමුදා කඳවුරු පමණක් තිබේ. ඇතැම් ප්‍රදේශවල රාජ්‍ය කාර්‍යාල කිසිවක් නැත, නමුත් හමුදා කඳවුරු ඇත. ඇතම් ප්‍රදේශවල ජනතාව නැත, නමුත් හමුදා කඳවුරු පමණක් ඇත. යටිතල පහසුකම් කිසිවකු සපයා නොදීම හේතුවෙන් ජනතාව ගම හැර යන ප්‍රදේශවල හමුදා කඳවුරු පමණක් පවත්වාගෙන යන්නේ කුමක් නිසා ද? බොහෝ ප්‍රදේශවල ප්‍රථමයෙන් හමුදා කඳවුරු අනතුරුව සිංහල පවුල් පදිංචි කිරීම යන තත්වයක් ද දැකිය හැක. මෑතකදී පුල්මුඩේ මාර්ගයෙන් ගමන් කරන විට එහි පිහිටි විශාල හමුදා කඳවුර ඉදිරිපිට සිංහල පදිංචි කිරීම් සඳහා නිවාස ඉදිකර තිබීම ද දැකින්නට ලැබුණි.
වෙරළබඩ ප්‍රදේශවල හමුදා කඳවුරු…
මෙම ලිපියේ ආරම්භයේදී පැවැසූ පරිදි ශ්‍රී ලංකාව අත්පත්කර ගැනීමට විදේශිකයන් ප්‍රථමයෙන් වෙරළබඩ ප්‍රදේශයන් අත්පත්කළ අයුරින් දැන් උතුර නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ සියල්ල හමුදාව විසින් අත්පත්කරගෙන එහි හමුදා කඳවුරු ඉදිකර තිබේ. තවද වෙරළබඩ ප්‍රදේශ හමුදා ජනාවාස ප්‍රදේශයන් ලෙසද හමුදා ආධිපත්තිය යටතේ පවතින ප්‍රදේශයන් ලෙස ද පවතියි. මෙම හමුදා ආක්‍රමණය සිංහලීකරණය සඳහාවූ වෑයමක් බවට ජනතාව බියට පත්ව සිටිති.
මේ හේතුවෙන් විශේෂයෙන් වෙරළබඩ ජනතාවගේ ධීවර රැකියා කටයුතු බාධාවට පත්ව තිබේ. නාවික හමුදාවේ ආධිපත්තිය හේතුවෙන් එම ජනතාවගේ ජීවනෝපාය කටයුතුවලට බාධා එල්ලවී ඇත. කලකදී එනම් 2009ට පෙර සිංහල හමුදාවෙන් ධීවරයන්ව රැක ගැනීමේ අරමුණින් එල්.ටි.ටි.ඊ. සංවිධානයේ මුහුදු කොටි කණ්ඩායම ක්‍රියාත්මක වුණි. වෙරළබඩ ජනතාව නිදහසේ සිය ධීවර කටයුතුවල නිරතවූ කාලය එයවේ.
මායිම් ප්‍රදේශයන් අත්පත් කර ගැනීමේ ඇතිවූ බලපෑම්…
මායිම් ප්‍රදේශයන් අත්පත් කිරීම හා එමඟින් ඇති වී තිබෙන බලපෑම්වලට මේ වන විටත් උතුර, නැගෙනහිර ජනතාව මුහුණ දෙමින් සිටිති. මේ හේතුනේ උතුර නැගෙනහිර දෙමළ ජන වාර්ගික ප්‍රතිශතයෙහි වෙනස්කම් සිදුව තිබෙන අතර, දෙමළ ජනතා නියෝජිතයන් සංඛ්‍යාවලද පහත වැටීමක් සිදුව තිබේ. ඒකාබද්ධ උතුර නැගෙනහිරට එරෙහිව සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ද, දෙමළ ජනතාවගේ නිජ භූමිය පටුකර ඔවුන්ව මුළුමනින්ම විනාශ කිරීමේ සැලසුමක් මත මෙලෙස වෙරළබඩ හා මායිම් ගම්මානවල පදිංචි කිරීමේ කටයුතු දියත් කර තිබේ.
මෑතකදී මුල්ලතීව් හරහා ත්‍රිකුණාමලය බලා ගමන් කරමින් සිටියෙමි. එහිදී ත්‍රිකුණාමලයට යාබද මායිම් ගම්මානයක හම්බන්තොට ප්‍රදේශයෙන් පැමිණ පදිංචිවූ සිංහල පවුලක් බඩඉරිඟු වෙළඳසැලක් පවත්වාගෙන යමින් සිටියේය. ඉඩම් පිළිසකර ගොවිතැන් කටයුතුවලට සූදානම් වෙමින් සිටිමද දැක්නට ලැබුණි. නිවාස, මුදල් සියල්ල ලබාදී තමන් පදිංචියට පත්කළ බව එම කාන්තාව පවසා සිටියාය. මෙලෙස බොහෝ දෙනෙකු පදිංචි කර තිබේ. තවඳුරටත් පදිංචි කරමින් සිටියි. හම්බන්තොට සිට දිස්ත්‍රික්ක ගණනාවක් පසුකර, නගර ගණනාවක් පසුකර සිංහල ජනතාව මෙහි පැමිණ පදිංචි වෙති. නමුත් දෙමළ ජනතාව තමන් ජීවත්වූ ප්‍රදේශයන් හැර යමින් සිටිති. මෙම ප්‍රදේශවල ජීවත්වීමටත්, සේවය කිරීමටත් මැලිකමක් දක්වන්නෙමු. උපන් බිම සංචාරයකු ලෙස බලාගෙන යන්නෙමු..
මුල්ලතීව් හරහා ත්‍රිකුණාමලයට යන ඔනෑම කෙනෙකුට රජයේ සැලසුම් සහගත සිංහල පදිංචි කිරීමේ ව්‍යාපෘතිය දැක ගත හැකිය. දිවයන මාර්ගයේ දෙපස දැකින්නට ලැබෙන පදිංචි කිරීම්, නම් වෙනස් කිරීම්, විනාශවූ දෙමළ ජන ජීවිතයෙහි සලකුණු ද දැඩි කනස්සල්ලක් ඇති කරයි. සිංහල පදිංචි කිරීම්වලට එරෙහිව දෙමළ ජනතාව විරෝධතා කළහ. නමුත් සිංහල රජය ද පදිංචි කිරීමේ වැඩපිළිවල තුලින් තමයි දෙමළ ජනතාවගේ විරෝධතාවය මර්ධනය කිරිමට හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රතික්‍ෂේප කිරීමට හැකි බවට තීරණය කර ක්‍රියාත්මකවීම වටහා ගත හැක. මෙම පදිංචි කිරීමේ වැඩපිළිවලයෙහි සියුම් ගතිලක්ෂණ වටහාගෙන එය වහාම නවතා දැමිය යුතුයි. සැලසුම් සහගතව පදිංචි කළ පවුල්වලට දෙමළ නිජ භූමියෙන් පිටත ඉඩම් ලබාදිය යුතුයි. මේ සඳහා වූ ක්‍රියාමාර්ගය දෙමළ ජනතා නියෝජිතයන් සහ රාජ්‍ය නිළධාරීන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.
– ග්ලෝබල් දෙමළ පුවත් සඳහා දීපච්සෙල්වන්
– පරිවර්ථනය ජස්මින්
Add Comment