SRILANKAN NEWS

චෙම්මනි සමූල ඝාතනය සිඳුවී වසර 21යි

යාපනය චෙම්මනි ප්‍රදේශයේ ඝාතනයට ලක්වූ සුන්ඩුකුලි ප්‍රදේශයේ පදිංචිව සිටි ක්‍රිෂාන්දි කුමාරසාමි සිසුවියගේ 21වැනි අනුස්මරණ සැමරුම අද දින චෙම්මනි ප්‍රදේශයේදී සමරන ලදි. එහිදී චෙම්මනි සමූල ඝාතනයෙන් මියගිය සෙසු පුද්ගලයන් ස සිහිපත් කර පහන් දල්වන ලදි.

1996 සැප්තැම්බර් මස 7 වනදා යාපනය සුන්ඩිකුලි විද්‍යාලයේ ක්‍රිෂාන්දි කුමාරසාමි (වයස) නැමැති සිසුවිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී චෙම්මනි ප්‍රදේශයේ හමුදා කඳවුරයෙහි එවකට සිටි හමුදා සෙබළුන් ඇයව පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කර තිබුණි.

චෙම්මනි හමුදා කඳවුරයෙහි ක්‍රිෂාන්දිව රඳවා තබා සිටීම දුටු ප්‍රදේශවාසීන් ඇයගේ මවට මේ බව පවසා සිටීමෙන් අනතුරුව, ක්‍රිෂාන්දිගේ මව වන කුමාරසාමි රාසාම්මා (වයස59), සහෝදරයෙකු වන කුමාරසාමි ප්‍රවනවන් (වයස 16), සහ සිසුවියගේ නිවස අසල පදිංචිව සිටි තෙන්මරාච්චිය සමූපකාර සමිතියේ සහකාරකවරයෙකු ලෙස කටයුතු කළ සිදම්බරම් කිරුබාමූර්ති (වයස35) යන පිරිස ක්‍රිෂාන්දිව සොයා චෙම්මනි හමුදා කඳවුරට ගොස් විමසූ අවස්ථාවේ එම තිදෙනාව ද හමුදා සෙබළුන් විසින් ඝාතනය කර තිබුණි.

එදින ඝාතනය කළ එම සිව් දෙනාගේ මළ සිරුර චෙම්මනි ප්‍රදේශයේ පිහිටි කුඹුරක හමුදා සෙබළුන් වල දැමූහ. තවද යාපනයේ එම කාල වකවානුව තුළ පැහැරගෙන ගිය, අතුරුදන් කළ 600කට අධික පිරිසක් ඝාතනය කොට චෙම්මනි කුඹුරු යායවල්වල වල දමා තිබීම විශේෂත්වයකි.