SRILANKAN NEWS

ඉරනයිතිව් ජනතාවගේ ඉඩම් මැනීමට දින 15ක් අවශ්‍යයි

ඉරනයිතිව් ජනතාවගේ ඉඩම් මැනීම සඳහා දින 15ක් පමණ අවශ්‍ය වන බව පූනගරි ප්‍රාදේශිය ලේකම් කේ. ක්‍රිෂ්නේන්ද්‍රන් මහතා පවසයි. ඉරනයිතිව් ජනතාව පදිංචිව සිටි ප්‍රදේශයේ ඉඩම් මැනීම සඳහා පූනගරි ප්‍රාදේශිය ලේකම් ඇතුළු කණ්ඩායම ඊයේ (12) දින ඉරනයිතිව් ප්‍රදේශයේ සංචාරයක නිරතවූහ. එම නිරීක්‍ෂණයෙන් අනතුරුව ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ලේකම්වරයා මේ බව පවසා සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, පසුගිය අගෝස්තු මස 31 වනදා ආරක්‍ෂ රාජ්‍ය ඇමැති සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව ගන්නා ලද තීරණයකට අනුව ජනතාවගේ පාරම්පරික ඉඩම් මැනීමේ මූලික කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. අදාළ ප්‍රදේශවල ඉඩම් මැනීමේ කටයුතු අවසන් කිරීමට දින 15ක පමණ කාලයක් අවශ්‍යයි. මෙම මූලික වැඩ කටයුතු අවසන්වීමෙන් පසු එම වාර්තාව දිස්ත්‍රික්ක දිසාපති හරහා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයට යැවීමට පියවර ගන්නා බව පවසා සිටියේය.