SRILANKAN NEWS

උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධව තිබිය යුතුයි – කරුණා අම්මාන්

උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධව තිබිය යුතු බවත් මුස්ලිම් ජනතාව එයට විරුද්ධවන්නේ නම් සහාය ලබා දෙන්නැයි මුස්ලිම් නායකයන්ගෙන් ඉල්ලා සිටිය යුතු යැයි දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක හාා හිටපු නියෝජ්‍ය ඇමැති කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් පවසයි.

දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවක්, කල්ලඩි පිහිටි පක්‍ෂ කාර්‍යලයේදී අද (8) දින පැවැත්වුණි. එහිදී අදහස් ප්‍රකාශ කරමින් කරුණා අම්මාන් මේ බව පවසා සිටියේය. උතුර නැගෙනහිර ඒකාබද්ධ කළ යුතුයි යන අදහස අලුත් අදහසක් නොවන බවත්, එය තන්දයි සෙල්වාගේ ප්‍රකාශයක් වන අතර, එය කිසිවකුට වෙනස් කළ නොහැකි දෙයක් බවද හෙතෙම පවසා සිටියේය.

තවද පළාත් සභා සංශෝධන පනතට පක්‍ෂව ජන්දය ලබාදීම තුළින් දෙමළ ජාතික සන්ධානය හා සම්බන්‍ධන් මහතා දෙමළ ජනතාව පවා දී ඇති බවත්, මුස්ලිම් නායකයන් ද එලෙසම කටයුතු කර ඇති බවද පවසා සිටියේය.

තවද උතුර නැගෙනහිර ඒකාබද්ධ කළ යුතුයි යන ස්ථාවරයේ සිය පක්‍ෂය සිටින බව හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.