SRILANKAN NEWS

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනය කිරීම සඳහා පියවර

වහාම ක්‍රියාත්මකවන පරිදි සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 2ක් ආනයනය කිරීම සඳහා අන්තර් ජාතික ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා පවසයි.

මේ අනුව ඉන්දියාව, පකිස්තානය, බුරුමය, කාම්බෝජය, වියට්නාමය, තායිලන්තය හා බංගලාදේශය යන රටවලින් මෙම සහල් තොග ආනයනය කිරීමට බලාපොරොත්තුවන අතර, අනෙකුත් රටවලට ද මේ සඳහා මිල ගණන් ඉදිරිපත් කළ හැකි බවද අමාත්‍යවරයා පවසයි.

මුදල් අමාත්‍යාංශය හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගෙන් සමන්විත විශේෂ ටෙන්ඩර් කමිටුවක් මෙම ටෙන්ඩර් කැඳවයි.

මේ අනුව නාඩු මෙට්ට්‍රික් ටොන් අනූ දහසක් ද, සම්බා කිලෝ හැට දහසක්, සුදු කැකුලූ මෙට්ටි‍්‍රක් ටොන් පනස් දහසක් ආනයනය කෙරේ. මේ 31 වැනිදා දක්වා මිල ගණන් ලබාගැනේ.

තෝරාගත් සැපයුම්කරුවන්ගෙන් සහල් මෙට්ටි‍්‍රක් ටොන් ලක්ෂයක් නොවැම්බර් 30 වෙනිදා වන විටත්, ඉතිරි ලක්ෂය දෙසැම්බර් 30 වෙනිදා වන විට මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවන පරිදි සහල් තොග ආනයනය කිරීමට සැළසුම් කර ඇතැයි අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ වෙළෙඳපොළ ඉල්ලුම අනුව අවශ්‍ය තරම් සහල් තොග සැපයීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සූදානමින් සිටින බවයි.