SRILANKAN NEWS

පළාත් පාලන මැතිවරණය ජනවාරි 27 පැවැත්වීමට එකඟත්වය

පළාත් පාලන ඡන්ද විමසීම ජනවාරි 27 වනදා පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී එකඟතාවයකට පැමිණි බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

“පක්ෂ නායක රැස්වීම අවස්ථාවේදී එලබෙන පලාත් පාලන මැතිවරණය ලබන අවුරුද්දේ ජනවාරි 27 වන දින පවත්වන්නට ඕන වන ආකාරයෙන් ප්‍රතිපාදන සකස් කරගන්නට අපි එකඟතාවයකට ආවා.එතකොට මේ..මැතිවරණ පවත්වන දිනය පිළිබඳව අයිතිය තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමාට..එතුමා මේ අපේ එකඟතාවය පදනම් කරගෙන ඡන්දය 27වෙනිදා ජනවාරි මාසයේ පවත්වන්න පුළුවන් කියල අපි හිතනවා..

මේ සම්බන්ධව ගැසට් නිවේදනය ලබන සුමානයේ නිකුත් කරන්නට ෆයිසර් මුස්තාෆා ඇමතිවරයට කිසිම බාධාවක් නෑ කියලා අපි හිතනවා..ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලුත් ප්‍රදේශීය සභා පිළිබඳව එකඟතාවයකට අපි ඇවිල්ලා තියනවා..එම නිසා ඒකත් පදනම් කරගෙන අපි ඉදිරියට යන්න පුලුවන් කියලා හිතනවා..” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.