SRILANKAN NEWS

සරණ ගුණවර්ධන ලබන 21 දක්වා යළි රිමාන්ඩ්

හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩු නවයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද කැඳවා තිබූ අතර, එහිදි සරණ ගුණවර්ධනව ලබන 21 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය බන්ධනාගාර අධීකාරිවරයාට නියෝග කර තිබේ.

පසුගිය සමයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරද්දී තම ධූරය අයුතු සහගතව භාවිතා කළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබේ.

මේ අතර, සරණ ගුණවර්ධන මහතා තවදුරටත් ලබන 27 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (13) නියෝග කළාය. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටියදී රුපියල් අසූ ලක්ෂ අනූ පන්දහසක් වටිනා සුඛෝපභෝගී රථයක් ආනයනය කර ඇති නමුත් එම රථය භාර නොදී තම භාවිතාය සඳහා යොදා ගත් චෝදනාවට අදාල නඩුව සම්බන්‍ධයෙන් ඔහු මෙලෙස රක්‍ෂිත බන්‍ධනාගාර ගත කර තිබේ.