SRILANKAN NEWS

දේශපාලන සිරකරුවන් සියළු දෙනාම නිදහස් කරලා ඉවරයි – විජයකලා

යහපාලන රජය විසින් දෙමළ දේශපාලන සිරකරුවන් සියළු දෙනාම නිදහස් කර ඇති බවත්, දැනට බන්‍ධනාගාරවල සිටින්නේ චෝදනා එල්ලවූවන් බව කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් පවසයි.

ඊයේ දින යාපනය පිහිටි ඇයගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පවසා තිබේ.

“යහපාලන රජය විසින් දෙමළ දේශපාලන සිරකරුවන් සියළු දෙනාම නිදහස් කර අවසන්, දැනට බන්‍ධනාගාරවල සිටින්නේ අධිකරණයේදී නඩු පවරා ඇති පිරිසය. ඔවුන් ගැන තීරණය කළ යුත්තේ අධිකරණයයි. ජනපතිට හෝ අගමැතිට තීරණයක් ගන්න බැහැ. අධිකරණ නඩු විභාගවලින් ඔවුන් අපරාධකරුවන් ද නැද්ද කියා සොයා ගනියි.

දේශපාලන සිරකරුවන්ගේ සිද්ධිය දී රජය වැරද්දක් කරලා තියෙනවා, වව්නියාව මහධිකරණයේ පැවැති නඩුව අනුරාධපුර මහධිකරණයට මාරුකර තිබෙනවා. එය සම්පූර්ණ වැරදි ක්‍රියාවක්“ යැයි ඇය වැඩිදුරටත් පවසා තිබේ.