SRILANKAN NEWS

කොක්කුවිල් තාක්‍ෂණ විද්‍යාලයේ සිසුන්ට ප්‍රහාරයක්, 4ක් රෝහලට

යාපනය කොක්කුවිල් තාක්‍ෂණික විද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කර තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් තුවාල ලැබූ සිසුවකු වන තෝමස් පවසා සිටියේ..

“තාක්‍ෂණික විද්‍යාලයේ ඊයේ දින සමුගැනීමේ උත්සවයක් පැවැත්වුනා. උත්සවය අවසන්වූ පසු එළියට පැමිණි අවස්ථාවේ අපේ පංතියේ ඉගෙනුම ලබන සිසුවකුට වෙනත් පංතියක සිසුවෙකු හිස් වැසුමකින් පහරදුන්නා. එම අවස්ථාවේ අපි එම දෙදෙනාව සමතයට පත්කර පිටත්කර යැව්වා.. ටික වෙලාවකට පසු එම සිසුවා තවත් දහයකට අධික පිරිසක් සමඟ පැමිණ අප පංතියේ මිතුරන්ට පොලු, කම්බිවලින් පහරදුන්නා.

අනතුරුව එහි පැමිණි කථිකාචාරවරුන් සහ අනෙකුත් සිසුන් පහරදීමට පැමිණි සිසුන්ව මැඩපැවැත්වූ අතර, ඔවුන් එළියට එන්න බලාගන්නම් යැයි තර්ජනය කරමින් විද්‍යාල පරිශ්‍රයෙන් පිටත්ව ගියා.

සිද්ධියෙන් අපගේ විද්‍යාලයේ ඉගෙනුම ලබන තුෂාන්ත් නැමැති සිසුවා බරපතල තුවාල ලැබූ අතර, තවත් 10 දෙදෙනෙකු තුවාල ලබා රෝහලට ගතව සිටිනවා. තුවාල ලැබු සිසුන් හා අප පංතියේ සිසුන් කථිකාචාරවරුන්ගේ ආරක්‍ෂාව මැද තාක්‍ෂණික විද්‍යාල පරිශ්‍රයෙන් පිටතට පැමිණියා“ යැයි ඔහු පවසා සිටියේය.