SRILANKAN NEWS

ආවා කල්ලියේ ඉක්‍රම් ඇතුළු හය දෙනා තවඳුරටත් රිමාන්ඩ්

ආවා කල්ලිය

ආවා කල්ලියේ සාමාජිකයන් වන ඉක්‍රම් ඇතුළු හය දෙනා ලබන 28 දක්වා යළි රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (14) දින නියෝග කර තිබේ.

යාපනයේ සිඳුවූ තියුණු ආයුධවලින් පහරදීම ඇතුළු සිද්ධින් සම්බන්‍ධයෙන් ඉක්‍රම් නැමැත්තා ඇතුළු තිදෙනෙකුව කොළඹ ප්‍රදේශයේ සැඟව සිටියදී පසුගිය 28 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව වව්නියාව ප්‍රදේශයේ සැඟව සිටි තවත් තිදෙනෙකුව පසුදින අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් හය දෙනා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මත යළි රක්‍ෂිත බන්‍ධනාගාර ගත කර තිබේ.