SRILANKAN NEWS

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගත දරුවන්ගේ පුරවැසිකමට රුපියල් 25 දාහක්!

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන්ගේ දරුවන්ට ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය රුපියල් 25 දාහක මුදලක් අය කරන බව ඊළ සරණාගතයන් පුනරුත්ථාපන ආයතනය චෝදනා කර තිබේ.

යුද්දය හේතුවෙන් නීති විරෝධි ලෙස ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකික සරණාගතයන් 25 දෙනෙකුගේ දරුවන් දැනට පුරවැසි භාවයක් නොමැතිව සිටින බව එම ආයතනයෙහි නිර්මාතෘ සෙල්වනායකම් චන්ද්‍රදාසන් පවසයි.

මෙලෙස පුරවැසිකමක් නැති තත්වය වෙනස් කිරීම සඳහා තමන් ගත් උත්සහයකට අනුව ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය විසින් තාවකාලික පුරවැසිකමක් ලබා දෙමින් සිටින බවද හෙතෙම පවසා තිබේ.

නමුත්, ඉන්දියාවේ සිට යළි ශ්‍රී ලංකාවට පැමිණෙන ඉකුත් ශ්‍රි ලාංකිකයන්ගේ දරුවන්ට ශ්‍රී ලංකා පුරවැසිකම ලබා ගැනීමට රජය රුපියල් විසිපන්දාහක මුදලක් අයකරන බවද හෙතෙම කණගාටුව පළ කර තිබේ.