SRILANKAN NEWS

කිලිනොච්චියේ නිවසකට වැසිකිළි වළක තිබී බෝම්බයක් සොයා ගනී..

කිලිනොච්චිය,පණ්නන්කණ්ඩි ප්‍රදේශයේ නිවසක වැසිකිළි වළක් කැපීමේදී ඊයේ(21) බෝම්බයක් මතු වි ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ ඉදිකරමින් පවතින නව නිවසක වැසිකිළියක් සැකසීමකට වළක් කැපීමේදී උදැල්ලක යකඩයක් ගැටී ඇති අතර, අදාළ යකඩය පරීක්ෂා කිරීමේදී පුපුරණ ද්‍රව්‍ය වියහැකි බව වටහාගත් ගෙහිමියා සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කොට ඇති බවයි.

අදාළ දැනුම්දීම මත පොලිසිය අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමේදී අදාළ යකඩය මෝටාර් උණ්ඩයකට සමාන වන බවට පොලිසිය අනාවරණය කොටගෙන ඇත. බෝම්මබය හමුවු ස්ථානය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් අද(22) වැඩිදුරටත් පරීක්ෂාකරමින් පවතින බව ද පොලිසිය සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.