SRILANKAN NEWS

පාපන්දු තරඟයක් අතරතුර සිහිසුන්වූ ක්‍රීඩකයෙකු ජීවිතක්‍ෂයට

යාපනය, අරියාලේ කාසිපුල්ලේ ක්‍රීඩාංගණයේ පැවැති පාපන්දු තරඟයක් අතරතුරු ක්‍රීඩකයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

උතුරු පළාත් විදුලිබල මණ්ඩල සේවකයින් අතර පවත්වනු ලබන වාර්ෂික පාපන්දු තරඟයක් අතරතුර එම ක්‍රීඩකයා සිහිසුන්ව ඇදවැටී ඇති බව පොලීසිය පැවසීය.

පසුව ඔහු යාපනය රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ විදුලිබල මණ්ඩලයේ බෙදාහැරිම් හා නඩත්තු පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් තරඟ කළ කයිට්ස් ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙකි.

පශ්චාත් මරණ පරික්ෂණය අද (22) සිදු කිරිමට නියමිත අතර යාපනය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.