SRILANKAN NEWS

ඉරණයිතිව් ජනතාවගේ අරගලයට පළාත් අධ්‍යාපන ඇමැති සහාය පළ කරයි..

ඉරණයිතිව් ජනතාවගේ විරෝධතාවයට උතුරු පළාත් සභාවේ සහාය පළ කරමින් උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ආචාර්‍ය සර්වේස්වරන් මහතා සහභාගිවී තිබේ. තමන් වසර ගණනාවක් තිස්සේ ජීවත්වූ නිවාස සහ ධීවර කර්මාන්තය, පශු පාලනය, ගොවිතැන යන විවිධ රැකියාවලින් ආදායම් ලබාගෙන ඉරණයිතිව්හි ජීවත්වූ පවුල් 500කට අධික ජනතාව එහි සිට අවතැන්වී මුලන්කාවිල්, ඉරණයිමාතානගර් ප්‍රදේශයේ ජීවත් වෙති.

ඉරණයිතිව් රෝමානු කතෝලික දෙමළ පාසලද ඉරණයිමාතා නගර්හි පිහිටුවා ඔවුන්ගේ දරුවන් අධ්‍යාපනය ලබති. යුද්දය අවසන්වීමත් සමඟ ඉරණයිතිව් ප්‍රදේශය නාවික හමුදාව අත්පත්කරගෙන සිටින අතර තම පාරම්පරික ඉඩම්වල නැවැත පදිංචිවිය යුතු යැයි එම ජනතාව අරගලයක නිරතව සිටිති.

ඒ අනුව, ඊයේ 23 දින නාවික හමුදා බාධක ද නොතකා සිය ගණනක ඉරණයිතිව් ජනතාව තම පාරම්පරික ඉඩම්වලට පැමිණ ඇති අතර, ඔවුන්ගේ විරෝධතාවයට සහාය පළ කිරීමේ අරමුණින් උතුරු පළාත් අධ්‍යාපන ඇමැති සහ නියෝජ්‍ය මහ ඇැමැති ආචාර්‍ය කේ. සර්වේස්වරන් මහතා ද ඉරණයිමාතානගර් ජැටියට පැමිණ සිය සහාය පළ කර තිබේ.