SRILANKAN NEWS

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි – නව කැබිනට් ඇමතිවරුන් මෙසේය.


සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් අද(01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුනි.

01- ලක්‍ෂමන් කිරිඇල්ල – මහජන ව්‍යවසාය සහ මහනුවර සංවර්ධනය
02- සරත් අමුණුගම – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණුව හා කදුරට උරුමය
03- එස්.බී. නාවින්න – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන
04- මහින්ද අමරවීර – කෘෂිකර්ම
05- දුමින්ද දිසානායක – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ
06- පී. හැරිසන් – සමාජ බලගැන්වීම
07- කබීර් හෂීම් – අධිවේගී මාර්ග හා මාර්ග සංවර්ධන
08- රංජිත් මද්දුම බණ්ඩාර – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, නීතිය හා සාමය
09- තලතා අතුකෝරල – අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ
10- ෆයිසර් මුස්තාෆා – ක‍්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන
11- විජිත් විජිතමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග‍්‍රාමීය ආර්ථිකය
12- ඞී.එම්. ස්වාමිනාදන් – පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම්, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු
13- සාගල රත්නායක – යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන
14- මනෝ ගනේෂන් – ජාතික සහජීවනය, සංහිඳියාව සහ රාජ්‍ය භාෂා
15- දයා ගමගේ – සමාජ සුබසාධන හා ප‍්‍රාථමික කර්මාන්ත
16- සරත් ෆොන්සේකා – තිරසාර සංවර්ධනය, වනජීවි හා ප‍්‍රාදේශීය සංවර්ධන
17- රවින්ද්‍ර සමරවීර – කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා
18- විජේදාස රාජපක්‍ෂ – උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු

මේ අනුව රජයේ කැබිනට් අමාත්‍ය ධූර 18 ක් සදහා දිවුරුම්දීම අද සිදුව ඇති අතර අනෙක් කැබිනට් අමාත්‍ය ධූර වෙනසකින් තොරව පවතින බව සදහන්.
ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර සංශෝධනය හෙට සිදුකිරීමට නියමිතයි.