SRILANKAN NEWS

බදු සහන ලබා දිය යුත්තේ අත්‍යවශ්‍ය භාණ්‌ඩ සඳහායි : බියර් ආයතනයට නොවේ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රජය විසින් බදු සහන ලබා දිය යුත්තේ බියර් ආනයනය සදහා නොව අත්‍යවශ්‍ය භාණ්‌ඩ සඳහා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

පසුගිය කාලයේදී සිදුවූ ගංවතුර ආපදා තත්ත්වය නිසා රට තුළ බියර් හිඟයක්‌ මතුවනු ඇති බවට කරුණු දක්වමින් බියර් ආනයනය කිරීමේදී 75% ක බදු සහනයක්‌ ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසා සිටියි.

ජනතාව වෙනුවෙන් කටයුතු කරන රජයක් විසින් සිදුකඝ යුත්තේ අත්‍යාවශ්‍ය පාරිභෝගික නොවන බියර් සදහා බදු සහන ලබාදීම නොව වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සදහා බදු සහන ලබාදීම බවත් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් අදහස් දක්වා සිටියි.