SRILANKAN NEWS

නේපාල අගමැති‍ට ශ්‍රී ලංකා අගමැතිගෙන් සුබ පැතුම්

Ranil Wikramasingha 01නේපාලයේ නව අගමැති ලෙස තේරී පත් වූ පුෂ්ප කමාල් දයාල් මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක්කර තිබේ.

නව නේපාල අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය යටතේ නේපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සිදුවිය යුතු ප්‍රධාන වැඩකටයුතු සහ ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ලැබිය හැකි බවට රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කර තිබේ.

දුරකථන ඇමතුමක් ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් එක් කර ඇති බව වාර්තා වෙයි. එයට නේපාල අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ස්තූතිය පළ කර තිබේ.

නේපාලය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්වීපාර්ශික සබඳතා තවඳුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.