SRILANKAN NEWS

ප්‍රබාකරන් හිටිය නම් අගමැති වෙලා… – ඇමැතිනී විජයකලා

අප කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන් අද සිටියේ නම් ඔහු අගමැතිවරයා ලෙස පත්වනු ඇති බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් මහත්මිය පවසයි.

අද 28 දින කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ පැවැති පසුගිය සැප්තැම්බර් මස කිලිනොච්චිය පොදු වෙළඳසැල් සංකීර්ණයේ ඇතිවූ ගින්නෙන් පීඩාවට පත්වූ ව්‍යාපාරිකයන්ට වන්දි ලබාදීමේ අවස්ථාවට එකවෙමින් ඇය මේ බව පවසා තිබේ.

වඩමරාච්චිය ඉගැනීමට ප්‍රසිද්ධ ප්‍රදේශයක්. ඔයාල දන්නවා අපගේ කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන් වැල්වෙටිතුරයිවල සිටියේ කොහොම ද කියලා, අද සිටින නායකයන් ගත් කළ ප්‍රබාකරන් වගේ නායකයෙක් සොයා ගැනීමට බැහැ, ඔහු අද ජීවතුන් අතර සිටියේ නම් ආණ්ඩුවේ අගමැති වශයෙන් හෝ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයුකු ලෙස සිටිනු ඇත නමුත් අපගේ අවාසනාවට එය අපිට ලැබුණේ නැහැ.

අගමැති රනිල් වික්‍රමසිංහ ආරම්භ කළ විනාශය මහින්ද රාජපක්‍ෂ අවසන් කළ බවට මෙහි ඇැතම් දේශපාලකයන් පවසති. නමුත් එලෙස ජාතිවාදය කථා කිරීමෙන් අපට ලැබෙන දෙයත් නොලැබිය හැක. එලෙස ජාතිවාදී කථා ප්‍රකාශ නොකර මෙම යහපාලනයෙන් ලබාගත හැකි දෙය ලබා ගැනීමට ක්‍රියා කළ යුතු බව ඇය වැඩිදුරටත් පවසා තිබේ.