SRILANKAN NEWS

වත්මන් ආණ්ඩුව රටේ නීතිය උල්ලංඝනය කරනවා – ඒකාබද්ධ විපක්‍ෂය

යහපාලන ආණ්ඩුව සහ වත්මන් ජනාධිපතිවරයා රටේ නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය පාලන කාලය ආරම්භ කිරීමට කටයුතු කලේ නීති විරෝධි ලෙස මෙන්ම ව්‍යවස්ථා විරෝධි ව කටයුතු කරමින් යැයි ඊයේ (22) කොළඹ දි පැවති ජාතික නිදහස් පෙරමුණේ නියෝජිත සමුළුව අමතමින් එ.ජනි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරන ලදී.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වූ වහාම රටේ අගමැතිවරයෙකු සිටිය දී පාර්ලිමේන්තුවේ බහුතරයක් ද නොමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කළ බවත්, ව්‍යවස්ථානුකූලව පත්කර සිටි අග්‍ර විනිශ්චයකාරවරයා ධූරයෙන් පහ කිරීමට ද කටයුතු කලේ නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී අයුරින් යැයි මන්ත්‍රිවරයා වැඩි දුරටත් සදහන් කරන ලදී.

මේ ආකාරයෙන්ම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සිරගත කොට ඇත්තේ අත්තනෝමතිකව පිහිටුවන ලද නීති විරෝධී පොලිස් ඒකකයකින් බවත්, එම සිදුවීම දේශපාලන පලිගැනීමක් පමණක් බව ද මන්ත්‍රිවරයා අවධාරණය කරන ලදී.