SRILANKAN NEWS

මාත්තයියා රෝ ඔත්තුකරුවෙක් ?

downloadඑල්.ටි.ටි.ඊ. සංවිධානයේ ප්‍රධානියකු ලෙස සිටි මාත්තයියා හෙවත් ගෝබාලසුවාමි මහේන්ද්‍රන් නැමැත්තා ඉන්දිය රෝ ඔත්තු සේවයවේ ඔත්තුකරුවකු බව වාර්තාවේ.

ඉන්දියාවේ පළ කළ ග්‍රන්ථයකදී මේ බව සඳහන් කර තිබේ. 1989 වසරේ සිට මාත්තයියා රෝ ඔත්තු සේවය වෙනුවෙන් කටයුතු කළ බව එම ග්‍රන්ථයෙහි සඳහන් කර තිබේ.

මාධ්‍යවේදී නීනා ගෝපාල් විසින් ලියන ලද ‘රාජිව් ගාන්ධි ඝාතනය‘ නැමැති ග්‍රන්ථයෙහි මේ බව සඳහන් කර තිබේ.

1989 වසරේ සිට කොටි සංවිධානයේ තොරතුරු ලබාදීම සඳහා මාත්තයියාව රෝ ඔත්තු සේවය විසින් පත්කර තිබූ බවත්, ප්‍රබාකරන්ව ඝාතනය කර කොටි සංවිධානයේ නායකත්වය ලබා ගන්නා ලෙස මාත්තයියාට උපදෙස් ලබාදී තිබුණ බව සඳහන් කර තිබේ.

මාත්තයියා ඉන්දිය රෝ ඔත්තු සේවය වෙනුවෙන් කටයුතු කිරීමේ චෝදනාවට දඞුවම් ලැබීම ගැන ඉන්දිය බුද්ධි අංශය නොදැන සිටි බව ද සඳහන්වේ.

1993 ජනවාරි මස කොටි සංවිධානයේ ආයුධ නෞකා සම්බන්‍ධ තොරතුරු මාත්තයියා විසින් ඉන්දියාවට ලබාදුන් බවත්, එම නැව් ප්‍රහාරයෙන් කොටි සංවිධානයේ ප්‍රධානියකු වන කිට්ටු නැමැත්තා මිය ගිය බව ද සඳහන්වේ.

කිට්ටුගේ මරණයට හේතුව මාත්තයියා බවට කොටි සංවිධානය සැක කළ බවත්, කුඩා කල් සිට ප්‍රබාකරන්ගේ සැමීපතම මිතුරකු වූ කිට්ටුගේ මරණය නිසා ප්‍රබකාරන් දැඩි සේ කණගාටුවට පත්වූ බව පැවැසේ.

කොටි සංවිධානය මාත්තයියාව අත්අඩංගුවට ගෙන මාස කිහිපයක් වදහිංසා කළ බවත්,  1994 දෙසැම්බර් මස 19 වන දින මාත්තයියා ඇතුළු ඔහුගේ සගයන් 257 දෙනෙකුව ඝාතනය කළ කොටින් ඔවුන්ගේ මළ සිරුරු වලක දමා ගිනි තැබූ බව සඳහන්වේ.

රෝ ඔත්තු සේවයට අමතරව ඉන්දිය බුද්ධි අංශය, සහ අනෙකුත් රාජතාන්ත්‍රික පාර්ශවයන් වෙනුවේ උතුර නැගෙනහිරේ තොරතුරු ලබාදී ඇති බවට එම ග්‍රන්ථයෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.