SRILANKAN NEWS

ජාතිවාදය සම්බන්‍ධයෙන් ජනපතිගේ ක්‍රියා කටයුතු ගැන සෑහීමකට පත්විය නොහැක

රටතුල පවතින ජාති, ආගම්වාදයට එරෙහිව පොලීසිය විසින් නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි අග්‍රමාත්‍යවරයා පවසා ඇති නමුත්, මේ සම්බන්‍ධයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියා කටයුත්ත ගැන සෑහීමකට පත්විය නොහැකි බවත්, ඔහු ජාතිවාදය වපුරන පුද්ගලයන්ව ආරක්‍ෂා කරමින් සිටින බවට නව සමසමාජ පක්‍ෂ නායක වික්‍රමබාහු කරුණරත්න මහතා පවසා තිබේ.

ඊයේ (6) දින කොළඹ පැවැති බලය බෙදා එක්සත් කිරීමේ ව්‍යාපාරයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

ජාතිවාදීන් විසින් දැන් ක්‍රිස්තියානි ජාතිකයන්ට එරෙහිව ද ප්‍රචණ්ඩත්වය ආරම්භ කර තිබෙනවා, ජාති, ආාගම්වාදී කටයුතුවල නිරත පුද්ගලයන්ට එරෙහිව දැඩි නිතීය ක්‍රියාත්මක කරන ලෙස අග්‍රමාත්‍යවරයා පොලිසිය නියෝග කර තිබෙනවා, නමුත් ජාතිවාදී ක්‍රියාවන් මැඩපැවැත්වීමට ජනාධිපතිගේ ක්‍රියාවලිය තෘප්තිමත් අයුරින් නැහැ, ජාතිවාදය, ආගම්වාදයට එරෙහිව ජනාධිපතිවරයා අදහස් ප්‍රකාශ කරමින් සිටින අතර, එවැනි පුද්ගලයන්ව ආරක්‍ෂා කරමින් සිටිනවා, තවද ජනාධිපතිවරයා තම පක්‍ෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා ජාතිවාදීන්ට පක්‍ෂපාතීව කටයුතු කරනවා යැයි සැකයක්ද මතුවන බව වික්‍රමබාහු කරුණාරත්න මහතා වැඩිදුරටත් පවසා තිබේ.