SRILANKAN NEWS

ජාතිවාදය ඇවිලවීමට තැත් කළ 14 ක් අත්අඩංගුවට

ජාතීන් හා ආගම් අතර විරසකය ඇති කිරීමේ අරමුණින් යුතුව කටයුතු කල 14 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි. අද(18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

අත්අඩංගුවට පත්වූවන් අතර බොදු බල සේනාවට සම්බන්ධ ක්‍රියාකාරීන් බහුතරයක් ඇති බවද හෙතෙම පවසා තිබේ. එම පිරිස අතර මුස්ලිම් ජාතිකයන් 02ක්, ද්‍රවිඩ ජාතිකයෙක්, සිංහල ජාතිකයින් 11දෙනෙක් සිටන අතර සිංහල ජාතිකයන් 11 දෙනා අතර පොලිස් නිලධාරියෙක්, සහ ස්වාමින්වහන්සේ නමක්ද සිටින බවද හෙතෙම පවසා තිබේ.

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් තවත් භික්‍ෂූන් වහන්සේනමක් හා තවත් සිවිල් වැසියන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බවත් ජාතීන් සහ ආගම් අතර විරසකය ඇතිවන ආකාරයේ ප‍්‍රකාශ නිකුත් කර ඇති දේශපාලනඥයින් කිහිපදෙනකු සම්බන්ධයෙන් ද පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබේ.