SRILANKAN NEWS

මාව ධූරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණය කොළඹ සිට ක්‍රියාත්මක වෙනවා – විග්නේෂ්වරන්

තමන්ව ධූරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණකාරි වැඩපිළිවල කොළඹ සිට ක්‍රියාත්මක වන බව උතුරු පළාත් මහ ඇමැති සි.වී. විග්නේෂවරන් මහතා පවසාා තිබේ.

මහ ඇමැතිවරයාගේ ආධාරකරුවන් කිහිප දෙනෙකු මහ ඇමැතිවරයාව ඔහුගේ නිවසේදී හමුවූ අවස්ථාවේ මේ බව පවසා තිබේ. තමන්ව ධූරයෙන් ඉවත් කිරීම සඳහා වූ සැලස්ම කොළඹ සිට ක්‍රියාත්මක කරන බව හෙතෙම පවසා තිබේ.

මෙම කුමන්ත්‍රණය පසුපස සිටින්නේ කව්රුදන් දැයි තමන් දන්නා බවත්, එය ප්‍රසිද්ධ නොකරන බවද හෙතෙම පවසා තිබේ. අමාත්‍යවරුන්ට එරෙහි විභාගය මූලික කරගෙන මෙම කුමන්ත්‍රණය සිදුකර ඇති බවත්, පළාත් අමාත්‍යවරුන් අපරාධයක් සිදුකර නැති බවට තමන් පවසා තිබුණේ නම් වෙනත් මාර්ගයකින් එනම් අපරාධකරුවන්ව ආරක්‍ෂා කළැයි චෝදනාවකින් තමන්ට එරෙහිව කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරනු ඇතයි හෙතෙම පෙන්වාදී තිබේ.

විභාග කිරීමක් සිදුකළ යුතු යැයි ජනතාව ඉල්ලා සිටීම හේතුවෙන් අදාළ විභාග කිරීම සිදුකළ බව මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.