ARTICLES SRILANKAN NEWS

1983 ජූලිය සිතයෙහි වියළා නොගිය රුධිරයකි

කලු ජූලි කැරල්ල, කෝලාහලය සිඳුවී වසර 32ක් ගතවී අවසන්ය. කලු ජූලියට මුහුණ දුන් දෘවිඩයාට පමණක් නොව කලු ජූලි කාලයේ ජීවත්වූ දෙමළ ජනතාවට පමණක් නොව කිසිවකුට අමතක නොවන පරිදි එම කැරලි කෝලාහලය සිතයෙහි තුවාලයක් බවට රැඳී ඇත. ඊළම් දෙමළ ජනතාවගේ ඉතිහසාය කලු ජූලියෙන් වෙනස්වුණි. ජාතිවාදී හිංසාව, ඝාතන සිද්ධින්, අයිතිවාසිකමි කඩවීමි වැනි සදාකාලික තුවාලයක් මෙන් එය දෙමළ ජනතාවගේ සිත්වල සටහන්විය. එය දෙමළ ජාතියටත් විමුක්තියක් රටක් අයිතිවාසිකමක් අවශ්‍ය බව පෙන්වාදුන්හ.

ශ‍්‍රී ලංකානු දීපය හා ඊළම යනු දේශයන් දෙකක් යන හැඟීමක් ඇතිවිය. සිංහල ජනතාව සමඟ දෙමළ ජනතාවට කිසිවිටක එක්වි සහජීනයෙන් ජීවත්විය නොහැක යන්න භයානක ඇත්දැකීම් ලද් සිඳුවීම්ද සිඳුවිය. කලු ජූලියේ සාක්‍ෂි අද වනවිටත් අප අතර ජිවත්වෙමින් සිටිති. කලු ජූලි කාලයේ කුඩා ළමුන් ලෙස සිටි පිරිසද අප අතර සිටිති. සියලු දෙමළ පුද්ගලයෙක්ම තමන්ගේ ජාතිය ගැන අවබෝධාත්මකව ඉගෙන ගැනීමට පෙලඹෙන විට ප‍්‍රථමයෙන් ඉගෙන ගන්නේ කලු ජූලි සිද්ධිය ගැනය. දෙමළ ජනතාව මුහුණ දුන් එම කලු ජූලි ඉතිහාසය කියවන සියල්ලන්ගේ හදවත් බිඳී යයි.

කොටි සාමාජිකයන් 1983 ජූලි 23 වැනි දින තිරුනෙල්වේලි ප‍්‍රදේශයදී ශ‍්‍රී ලංකානු හමුදාව ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල සිදුකර තිබුණි. මෙම ප‍්‍රහාරයට කොටි කල්ලියේ සිටි එහි නායක ප‍්‍රබාකරන් – කෙනල් කිටිටු – කේනල් වික්ටර් – කේනල් පොන්නමිමාන් – කේනල් අප්පයියා – ලෙප්ටිනන් සෙල්ලකිලි අමිමාන් – මේජර් ගනේෂ් ඇතුලු පිරිසක් සහභාගිවූහ. ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව කොටි සිදුකළ එම ප‍්‍රහාරයෙන් ප‍්‍රථම වරට හමුදාවට වැඩි අලාභ හානියක්ද සිඳුවිය. පලාලි සිට කොටින්ට පහරදීමට පැමිණි හමුදා කණ්ඩායම ඉලක්ක කර එම ප‍්‍රහාරය සිදුකර තිබුණි. මෙම ප‍්‍රහාරයෙන් හමුදා සෙබළුන් 13 දෙනෙකු මියගොස් තිබුණි.

හමුදාව හා කොටි සංවිධානය අතර පැවැති එම ගැටුමෙන් කොටි සංවිධානයේ සාමාජිකයකු වූ සෙල්ලකිලි අමිමාන් මියගොස් තිබුණි. මියගිය හමුදා සෙබළුන්ගේ මළසිරුරු කොළඹට ගෙන එන ලදි. දෙමලුන් සිංහලයන්ව ඝාතනය කරලා යැයි කුපිතවූ සිංහල කැරලිකරුවන් කොළඹ හැම අස්සක් මුල්ලක් නෑර දෙමළ ජනතාවන් සොයා විනාශ කිරීමට පටන් ගත්හ. කොළඹ නගරයම දෙමළ ජනතාවගේ ලේවලින් තෙත්වුණි.

කොළඹ ජීවත්වූ දෙමළ ජනතාව නොසිතූ පරිදි එම ප‍්‍රචණ්ඩක‍්‍රියා ක්‍රියාත්මකවුණි. එවකට කොළඹ සිටි දෙමළ ජනතාවගේ ජීවිතය ඉතා යහපත්ව ධනවත්ව තිබුණි. එහිදී දෙමළ ජනතාවගේ නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කෙරුණි. දෙමළ ජනයා මඟ තොටදී අල්ලා කපා කොටා ඝාතනය කළහ. දෙමළ ජනතාවගේ නිවස්වලටම ගොස් එම මැරයන් දෙමළ ජනතාව මරා දැමූහ. කෝලාහලය අතරින් දෙමළ ජනතාවගේ සියලු දේපළ සමිපත් සූරගෙන කොල්ලකෑවෝය. කොළඹදී තම ජීවිතය බේරාගැනීමට දෙමළ ජනතාව මහ මඟ දුවමින් සිටියෝය.

ජීවිතය බේරා ගැනීමට ආගමික ස්ථාන, පාසල්වලට ගොඩවූ දෙමළ ජනයාව සිංහල මැරයන් එලව එලවා මරා දැමූහ. කුඩා ළමුන් සිට වයස්ගත පුද්ගලයන් දක්වා ආමානුෂික ලෙස වද හිංසාකර කපා කොටා මරා දැමුවෝය. සිංහල මැරයන් සමඟ බෞද්ධ භික්‍ෂුන් ද කඩු පොලු රැගෙන දෙමළ ජනයාව ඝාතනය කිරීමට සැරිසරමින් සිටියෝය. දෙමළ ජනයාට එරෙහිව සිඳුකළ මෙම අමානුෂික ජන සංහාරය ඊලම් දෙමළ ජනතාව අතර දැඩි කම්පාවක් ඇති කළේය. එය දෙමළ ජාතියට විශාල තුවාලයක්වුණි.

එම කැරලි කෝලාහලය සිදුවූ දිනවල ශ‍්‍රී ලංකාව පුරා ප‍්‍රචණ්ඩත්වය ව්‍යාපත්තවුණි. යාපනයේ කොටි ප‍්‍රහාරය එල්ලකිරීමෙන් අනතුරුව ජූලි 24 – 25 වැනි දිනවල හමුදා විසින්ද ඝාතන මෙහයුම ආරමිභ කර තිබුණි. තිරුනෙල්වේලි ප‍්‍රදේශයේ කොටින් යැයි පවසා දෙමළ පුද්ගලයන් 51 දෙනෙකුව ඝාතනය කෙරුණි. වැලිකට බන්‍ධනාගාරයේ සිටි දෙමළ සිකරුවන්ද ඝාතනයට ලක්වුණි. දෙමළ සිරකරුවන් 53 දෙනෙකු සිංහල සිරකරුවන් විසින්ම වදහිංසාවට ලක්කර ඝාතනයකර දැමුවෝය. ජූලි 25වැනි දින සිරකරුවන් 33 දෙනෙකුද ජූලි 28 වැනිදින සිරකරුවන් 18 දෙනෙකුද ඝාතනයකර තිබුණි. බන්‍ධනාගාර ද දෙමළ ජනතාවගේ ලේවලින් තෙමී ගොස් තිබුණි.

මෙම ජන සංහාරය ඉතා සැලසුමි සහගතව ක්‍රියාත්මක කර තිබුණි. දෙමළ ජනතාවගේ දේශපාන ස්ථාවරය මර්ධනය කළ යුතුයි, දෙමළ ජාතිය ලංකාවෙන් තුරන් කළ යුතුයි යන අරමුණකින් එම ජන ඝාතනය ක්‍රියාත්මක කර ඇත. සිංහල දේශපාලකයන්ට එරෙහිව ඊලමි අරගලය උදාවෙමින් තිබූ එම කාලවකවානුව තුල එම අරගලය මර්ධනය කිරීම සඳහා මෙම ජන සංහාරය එවකට ආණ්ඩුව විසින්ම සැලසුමි සහගතව ක්‍රියාත්මක කර තිබුණි. නිදහස් ශ්‍රී ලංකාවක් යැයි පැවැසූ කාලයෙන් පසු දෙමළ ජනතාවගේ දේශපාලනික ස්ථාවරය බිඳ දැමීමටත් ලංකාවේ සිට දෙමළ ජනයාව තුරුන් කිරීමටත් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් පෙරාතුවම ආරම්භ කර තිබූ අතර එම ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල උචිචතම අවස්ථාව ලෙස කලුජූලිය නමි කළ හැකිය.

කලු ජූලි ඝාතන සිද්ධිය ඊළාම් – ලංකා දේශපාලනික වෙනස හා බෙදීම පැහැදිලිව වෙන්කර පෙන්වාදී තිබේ. සුදු ජාතිකයන් ශ‍්‍රී ලංකාව සිංහල ජනතාවගේ අතට ලබාදී යෑමෙන් පසු මෙරට තුල දෙමළ ජනතාවගේ දේශපාලනික හා අයිතිවාසිකම් අහිමීවීම ආරමිභවිය. දෙමළ ජනයා අයිතිවාසිකම් නොමැති ජන කොටසක්වුණි. දෙමළ ජනයා සතුව තිබූ සුළු දේශපාලනික කොටසද සිංහල පාලන පංතියට හිසරදයක්වුණි. දෙමළ දේශපාලනක නායකයන් සුළු ජාතික දෙමළ ජනයාගේ අයිතිවාසිකම් ඉල්ලා සිටි අවස්ථාවක දෙමළ හා සිංහල ජනතාව එකට ජීවත්වූ ප්‍රදේශවල ජාති ආගමික ගැටුම් සැලසුම් සහගතව ක්‍රියාත්මක කෙරුණි.

1948 දී ශ‍්‍රී ලංකාවට නිදහස ලැබුණු පසු තනි සිංහල නීතය හා බෞද්ධත්වය ප‍්‍රකාශනයට පත් කිරිමෙන් දෙමළ ජනතාව වෙත ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හා මර්ධනය ඉතා පහසුවෙන් ආරමිභවුණි. 1956දී දෙමළ ජනතාවට එරෙහි ප‍්‍රථම ජාතිභේද ප‍්‍රචණ්ඩත්වය ගල්ලෝයා ජනපද ව්‍යාපෘතියෙන් ආරමිභවුණි. මෙහදි දෙමළ පුද්ගලයන් 150 දෙනෙකු ඝාතනයට පත්වුණි. සිංහල භාෂාව පමණක් පරිපාලන භාෂාව ලෙස ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව දෙමළ දේශපාලකයන් කළ සාත්වීග අරගලයටද ප‍්‍රචණ්ඩකාරි ප්‍රහාර එල්ලවුණි. ගල්ලෝයා ජනාවාසයදී ජාතිවාදී ප්‍රචණ්ඩත්වය ඇතිවුයේ ඉන් අනතුරුවය. මෙවැනි අක‍්‍රමතාවලින් අනතුරුව දෙමළ ජනතාවට ඊළාමි අරගලයක අවශ්‍යතාවය වැටහුණි තමන්ගේ මවිබිම කෙරෙහි ඔනෑකමක් ඇතිවුණි.

නැවැත 1958දී කෝලාහලයක් ඇතිවුණි. පොලොන්නරුවේදී ආරමිභවී කොළඹ දක්වා සිදුකළ එම ජාතිවාදී ප‍්‍රහාරයෙන් 300කට ආසන්න දෙමළ ජනයා ඝාතනයට පත්වුණි. මෙම ප‍්‍රහාරයේදී දෙමළ ජනතාවට පහරදීමට පැමිණි සිංහල ජනතාවට එරෙහිව දෙමළ ජනතාවද ප‍්‍රතිප‍්‍රහාර එල්ලකර තිබුණි. කඩු පොලු සහිතව පැමිණි සිංහල කැරලිකරුවන් දෙමළ ජනතාව කපා කොටා මරා දැමුවෝය. අනතුරුව යාපනයේ 1974දී පැවැති ලෝක දෙමළ ගවේශන සමුලුවේදී ශ‍්‍රී ලංකා ආරක්‍ෂකයන් විසින් 11 දෙනෙකු ඝාතනය කළහ. 1977 දී සිදුකළ ප‍්‍රහාරයකින් දෙමළ ජනතාව 500කට අධික පිරිසක් ඝාතනවිය. මෙහිදී අනුරාධපුරය දුම්රිය ස්ථානයදී සිටි දෙමළ මඟින්ද ඝාතනය පත්වුණි. ඉන් අනතුරුව 1981දී යාපන පුස්තකාලයට ගිණි තැබුවෝය. දකුණු ආසියාවෙි විශාලතම හා ප‍්‍රසිද්ධ පුස්තකාලයක් ලෙස 97 දාහකට අධික පොත්පත් තම සතුව තිබූ එම පුස්තකාලය දෙමළ ජනතාවගේ ඉතිහාස – සංස්කෘතික – ශිෂ්ඨාචාරයේ වටිනා සමිපතක්වී තිබුණි.

එම පුස්තකාලය 1981 මැයි 31 වැනි දින සිංහල මැරයන් විසින් ගිණි තබා විනාශ කර දැමුවෝය. දෙමළ ජනතාවට එරෙහිව දිගින් දිගටම කළ පලිගැනීමේ ප‍්‍රචන්ඩක‍්‍රියාවල කොටසක් ලෙස සැලසුමි සහගතව යාපන පුස්තකාලයද විනාශකර දැමූ අතර පුස්තකාලයේ සිටි සිවිදෙනෙකුද එහිදී මියගොස් තිබුණි.

දිවයිනේ දෙමළ ජනතාවට එරෙහිව සිදු කළ ජාතිභෙද ප‍්‍රචන්ඩක‍්‍රියා ඝාතන සියල්ලන්ම දෙමළ ජනතාවගේ දේශපාලනික අයිතිවාසිකමි ප‍්‍රතික්‍ෂේප කිරීමේ, මර්ධනය කිරීමේ අරමුණෙකින් දියත්කර තිබුණි. එහි උචිචතම ප‍්‍රචණ්ඩත්වය ලෙස කලු ජූලි කෝලාහලය එවකට පාලන රජය විසින්ම සැලසුමිකර තිබුණි. තිරුනෙල්වෙලි හී කොටින් සිදුකළ ප‍්‍රහාරයෙන් පසු තමන් සැලසුම් කළ ප‍්‍රචණ්ඩකාරි මෙහයුම ආරම්භ කළහ. සිංහල මහ ජාතික පාලනය දෙමළ ජනතාව කෙරෙහි බලපැවැත්වීමට එම ප‍්‍රචණ්ඩත්වය සැලසුම් සහගතව ක්‍රියාත්මක කළහ.

මහජාතිවාදී දේශපාලනය සමඟ දෙමළ දේශපාලකයන් කළ සාත්වීග අරගලයට ඇතිවූ පරාජය මත, දෙමළ ජනතාවට එරෙහිව කරනලද ප‍්‍රචණ්ඩකාරි මර්ධනය, ජන සංහාරයට එරෙහිව කොටි සංවිධානය ඇතුළු අනෙකුත් සටන්කාමි සංවිධානද බිහිවුණි. තනි ඊළමක් යන අරගලයද එතැනින් මතුවුණි.

ශ‍්‍රී ලංකාව පාලනය කළ සෑම ආණ්ඩුවක්ම දෙමළ ජනතාව මර්ධනය කිරීමේ ක‍්‍රියාකලාපය එක සමානවේ ක්‍රියාත්මක කළහ.දැනටත් එය එලෙසම පවත්වාගෙන යමින් සිටියි . කලු ජූලියෙන් පසු දෙමළ ජනතාවට එරෙහි ප‍්‍රචණ්ඩත්වය අවසන්වුයේ නැත. 1987දී කොටි සංවිධානයේ යටතේ තිබූ යාපනය අත්පත්කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකා හමුදාව විසින් දියත්කළ ඔපරේෂන් ලිබරේෂන් මෙහෙයුම සමඟ පටන්ගත් යුද සටන්වලින් දෙමළ ජන සංහාරය ආරමිභවුණි. අනතුරුව දෙමළ ජනයාට කොටි ලේබලය ගසා ඔවුන්ව ඝාතනය කිරීමේ මෙහෙයුම අදවන තෙක් ක්‍රියාත්මකවේ.

වල්ලවයි පුස්තකාල ඝාතනය – කුමුදිනි ඝාතනය – අමිපාර උඩුමිපන්කුලමි ඝාතනය – කොක්කටිටිචිචෝලයි ඝාතනය 1987 – වීරමුනයි ඝාතනය – සත්තුරුක් කොන්ඩාන් ඝාතනය – නවාලි දේවාලය ඝාතනය – යාපන නාගර්කොවිල් ළමා ඝාතනය – කලුතර බන්‍ධනාගාර ඝාතනය – බි`දුනුවෝය ඝාතනය – සෙන්චෝලයි ඝාතනය – වැනි බොහෝ ඝාතන වැලල්ලක් හමුදා මෙහෙයුමි අතරින් දැකිය හැක. තවද සිවිවැනි ඊළමි යුද්ධයේදී 2006 මඩකළපුව ඝාතනය – යාපන ඝාතනය – වන්නි යුධ ඝාතනය 2008-2009 මැයි – ඉන් අනතුරුව පැවැති ඝාතන සිද්ධින් යැයි දිගින් දිගටම ශ‍්‍රී ලංකාවතුල දෙමල ජනයා ඝාතනයට පත්කර එමඟින් අනතුරු අඟවමින් දේශපාලනික හා අයිතිවාසිකමි ප්‍රතික්‍ෂේප කිරීමේ වැඩපිළිවල අඛණ්ඩව සිදුවෙමින් පවතියි. එය එයිතිහාසික ඛේදනීය සිද්ධියක් ලෙස පවතියි.

1983 කළු ජූලිය සිඳුවී අදට වසර 32ක් අවසන්වී තිබේ. අද වනතෙක් දෙමළ ජනයාව ඝාතනය කිරීම ගැන ශ්‍රී ලංකාව පාලනය කළ කිසිඳු සිංහල රජයටකට තැකීමක් ඇතිවී නැත. පාලනයට පැමිණෙන සෑම ආණ්ඩුවක්ම පෙර ආණ්ඩුවට වඩා විශිෂ්ඨ ලෙස ජන සංහාරය සිඳුකරමින් සිටියි. වසර 30කින් ඇති නොවූ සහජීවනය සහ අවබෝධය මින් පසු කවදා ඇතිවෙයිද? තවඳුටත් දෙමළ ජනතාව තුරන් කළ යුතු ජන කොටසක් බවටත්, අයිතිවාසිකම් කිසිවක් නොමැති ජාතියක් ලෙස මර්ධනයට පත්කරයි.

පසු කාලීන සිදුවීම් සියල්ල කෙරෙහි බැලූ විට සිංහල දේශය ඊළම් දෙමළ ජනතාවට සම අයිතිවාසිකම් ලබාදීම, සමානාත්වය ලබාදීම ප්‍රතික්‍ෂේපකර තිබීම පමණක් පෙන්වාදී නොමැත, සිංහල දේශය ජන ජාති සංහාරය නවතා දැමීමට සූදානම් නැති බවත් කෙසේ හෝ දෙමළ ජනයාව තුරන් කිරීමට කටයුතු කරන බව අවබෝධ කරදී තිබේ. මෙතරම් ඝාතන රාශියක් සිඳුකළ පිරිස තවඳුරටත් යටත්කරගෙන විනාශකර දැමීමට කුරීරු ලෙස මාන බලන අවස්ථාවක පීඩාවට පත්වූ ජාතියක් වශයෙන් මෙය සියල්ලටම සමාව දිය හැක්කේ කෙසේද? ප්‍රචණ්ඩත්වය සිදුකළ මර්ධනය කරන පාර්ශවය සහජීවනයට සූදානම් නැති විට සහජීවනය යනු ජන සංහාරය යැයි පවසමින් සිටින විට ජාතිකයට තිබෙන ආරක්‍ෂාකාව අහිමිවූ දේශය යළි ගොඩනඟා ජීවත්වීමය.

රටතුළ දෙමළ ජනතාවට එරෙහිව සිදුකළ කලු ජූලිය ඇතුලු ප‍්‍රචණ්ඩත්වය හේතුවෙන් දකුණේ සිටි දෙමළ ජනතාව උතුරු නැගෙහිර දෙමළ ප‍්‍රදේශයන් කරා සංග‍්‍රාමය වීමට සිඳුවුණි. දකුණේ දෙමළ ජනතාවට එරෙහිව පැවැති ප‍්‍රචණ්ඩත්වය උතුරේ යුද්ධයක් නමින් දියත්කෙරුණි. කෙසේවෙතත් දෙමළ ජනතාවට ඔවුන්ගේ ඉඩමි අවශ්‍යයි, අයිතිවාසිකමි අවශ්‍යයි, විමුක්තිය නිදහස අවශ්‍යයි යන මතය කලු ජූලියෙන් ඇතිවූ කැලල්ල පෙන්නුමි කරදී තිබේ.

මෙතරමි කලක් ගතවූ නමුත් කලු ජූලිය යනු ඊළමි දෙමළ ජනතාවගේ හදවත්වල වියළා නොගිය රුධිරය මෙන් වේදනාකාරි සටහනක් ලෙස තැන්පත්වී ඇත.

ග්ලෝබල් ටැමිල් නිව්ස් සඳහා දේශප්‍රියන්
පරිවර්ථනය – ජස්මින්