SRILANKAN NEWS

නිකිනි පුර පසොළොස්වක පොහොය දිනය අදයි

ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවකට මුල් වූ නිකිනි පුර පසලොස්වක පොහොය දිනය අද (07)ට යෙදී ඇත.

ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙරවස් මග හැරී ගිය භික්ෂූන් වහන්සේ පසුවස් එළඹෙන දිනයවීම, බුදුරදුන් ගේ ලලාටධාතු නිධන් කර සේරුවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම, පුරාතන අරියවංස දේශනා උත්සවය සිදුකිරීම හා මහනුවර ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කිරීම යන කරුණු නිකිණි පොහොය සම්බන්ධයෙන් වැදගත් තැනක් ගනු ලබයි.

මෙම දරමිටි පොහොය මෙන් ම අධි ඇසල පොහොය ලෙසත් හැඳින්වේ.