SRILANKAN NEWS

රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටළු විසඳීමට පියවර ගැනේ..

රත්නපුර දිස්ත්‍රික්කයේ , බළන්ගොඩ, ඉඹුල්පේ, කහවත්ත, ඇලපාත, සහ නිවිතිගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප‍්‍රදේශයේ රජයේ ඉඩම්වල දීර්ඝ කාලයක් ජීවත්වන පදිංචිකරුවන් මුහුණපාන ගැටළු හා ඊට විසදුම් යෝජනා කිරීමේ මූලික සාකච්ඡවක් ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී විදේශ කටයුතු අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මියගේ ඉල්ලීම පරිදි පැවැත් වූ මෙම සාකච්ඡාවේ දී එම ප‍්‍රදේශවලට ගොස් එම ජනතාව හමු වී අදහස් ලබා ගෙන ගැටළු නිරාකරණය කිරීමට තීරණය වුණා. ඒ අනුව 2017 සැප්තැම්බර් මස 09 සහ 10 දෙදින බළන්ගොඩ, ඉඹුල්පේ, කහවත්ත, ඇලපාත, සහ නිවිතිගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවර්ණය වන පරිදි ස්ථාන කිහිපයකදී ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වල ජීවත්වන පදිංචිකරුවන් හමුවීමට නියමිතයි.

මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එහ්.කේ මහානාම, අතිරේක ලේකම් දයාරත්න, ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත් සහ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සම්පත් සුබසිංහ ආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු රත්නපුර දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්වූහ.

මේ අතර රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. ඒ. විජේතුංග මහතාගේ ඉල්ලීම පරිදි පසුගිය සතියේ රත්නපුර, කිරිඇල්ල සහ කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප‍්‍රදේශයේ රජයේ ඉඩම්වල දීර්ඝ කාලයක් ජීවත්වන පදිංචිකරුවන් මුහුණපාන ගැටළු හා ඊට විසදුම් යෝජනා කිරීමේ මූලික සාකච්ඡුාවක් පාර්ලිමේන්තුවේ දී පැවති අතර එම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගියදා කුරුවිට කටුතියඹරාව විහාරස්ථානයේ දී සහ රත්නපුර නගර සභා ශාලාවේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධන්ත්වයෙන් සාර්ථකව පැවැත්විණ.