SRILANKAN NEWS

දිලීපන්ගේ අනුස්මරණ ස්මාරකය ප්‍රතිසංස්කරණය කිරීමට උතුරු පළාත් සභාව තීරණය කරයි..

නල්ලූර් ප්‍රදේශයේ පිහිටි දිලීපන්ගේ අනුස්මරණ ස්මාරකය ප්‍රතිසංස්කරණය කර එය නඩත්තු කිරීමට උතුරු පළාත් සභාව තීරණය කර ඇති බව උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ. සිවඥානම් මහතා පවසා තිබේ.

අද (17) දින පැවැති උතුරු පළාත් සභා සැසිවාරයේදී ඔහු මේ බව පවසා තිබේ.

දිලීපන්ගේ අනුස්මරණ ස්මාරකය පිහිටා ඇති ස්ථානය වාර්තා ගතකර යාපනය මානගර සභාවෙන් එම ස්ථානය පළාත් සභාවට ලබා ගැනීම සඳහා මහ ඇමැතිවරයා විසින් ලිඛිතව ඉල්ලා සිටිය යුතුයි. එම ස්ථානය පළාත් සභාව භාරගෙන එම ප්‍රතිසංස්කරණ කර නඩත්තු කළ යුතුයි. මේ සඳහා කඩිනමින් පියවර ගන්නා බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.