SRILANKAN NEWS

සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර්ජාතික සංවිධානයේ දූත මණ්ඩල ප්‍රධානී ආරක්‍ෂ ලේකම් හමුවෙයි..

සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර්ජාතික සංවිධානයේ දූත මණ්ඩල ප්‍රධානී ජෙසෙපි ක්‍රෝසෙටි මහතා (Chief of Mission of the International Organization for Migration – IOM – Mr. Giuseppe Crocetti)ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ජනාධිපති නිතීඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.

සුහද හමුවේදී ජෙසෙපි ක්‍රෝසෙටි මහතා සහ කපිල වෛද්‍යරත්න මහතා අතර සංක්‍රමණිකයන් පිළිබඳ ව ඇතිවන ප්‍රායෝගික ගැටළු මෙන්ම ශ්‍රී ලංකාවට බලපාන කරුණු පිළිබඳ ව සාකච්ඡා වූ අතර හමුව අවසානයේ සුහදතාව පළකරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදුවිය.

මේ අවස්ථාවට සංක්‍රමණය පිළිබඳ ව කළමනාකරණ ප්‍රධානී ශාන්ත කුලසේකර මහතා සහ සංක්‍රමණ කටයුතු පිළිබඳ ව ජාත්‍යන්තර උපදේශක ශරෝන් ග්‍රීන් මහත්මිය ද (International Consultant Ms. Sharon Green) සහභාගි වූහ.