SRILANKAN NEWS

2020 මැතිවරණයට ජවිපෙ පුළුල් පෙරමුණකින්

ජනතා විමුක්ති පෙරමුණ පොදු ජනතා බලවේගයන්ගෙන් සැදුම්ලත් පුළුල් පෙරමුණක් ගොඩනගා 2020 මැතිවරණයට තරග වදින බවත් ඒ වෙනුවෙන් පොදු ලකුණක් අවශ්‍ය නම් එවැනි ලකුණකින් තරග වදින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඒ මහතා තවදුරටත් පවසන්නේ ජ.වි.පෙ. ජන්ද සලකුණ වන සීනුව ලකුණ කිසිසේත්ම වෙනස් නොවන බවයි. ජනතා විමුක්ති පෙරමුණ 2020 මැතිවරණයේදී සීනුව ලකුණ ඉවත්කර වෙනත් ලකුණකින් තරග වදින බවට පළවුණු පුවත් සම්බන්ධව කළ විමසීමකදී ප්‍රධාන ලේකම්වරයා මේ බව පැවැසීය.

වත්මන් ආණ්ඩුවේ අවුල් සහගත තත්ත්වයත් ආණ්ඩුවතුලම එකිනෙකාට චෝදනා කරගන්නා නාඩගමක් බවට දේශපාලනය පත්වීමත් 2015 ජනතාවට දුන් පොරොන්දු කඩකිරීමත් හේතුවෙන් ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බව ටිල්වින් සිල්වා මහතා පවසයි . එම තත්ත්වය තුල ආණ්ඩුවට තවදුරටත් සිය අසාර්ථක ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යා නොහැකි බවත් එළඹෙන මහ මැතිවරණයට පෙර ඊට එරෙහිව පුළුල් ජනතා පෙරමුණක් ගොඩනගන බවත් වැඩිදුරටත් පැවැසුහ.