ARTICLES

2016… විසඳුම ලැබෙයි ද?

2016 new_CIනිලාන්දන් – ග්ලෝබල් ටැමිල් නිව්ස් –

පසුගිය වසරේ මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු ත්‍රිකුණාමලයෙන් ආරම්භ කළ සම්බන්‍ධන් මහතා ලබන වසරේදී තමන් සිය ගමන අවසන් කරන බවට පවසා තිබුණි. එනම් මෙම වසරේදී ජාතික ප්‍රශ්ණයට විසඳුම සොයා ගන්නා බව පවසා තිබුණි. එම මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට ලැබුණු ජන වරම විසඳුමක් සඳහා දෙමළ ජනතා ලබාදුන් ජන වරමක් ලෙස ගත හැකිද? එනම් මෙම වසර විසඳුමක් සඳහා වූ වසරක්ද? නැතිනම් මෙම ප්‍රශ්ණය මෙලෙස වෙනත් ආකාරයකින් විමසිය හැක, මෙම වසරේදී විසඳුමක් ලබා ගැනීමට හැකි පසුබිමක් තිබෙන්නේ ද?

එවැනි පසුබිම කරුණු කාරණා හතරක් යටතේ බැලිය යුතුයි. පළමු කාරණාව ජාත්‍යන්තරය, දෙක ප්‍රාන්තය එනම් ඉන්දියාව, තෙවන්න දෙමළ පාර්ශවය, සිව්වැන්න දකුණු ශ්‍රී ලංකාව

ප්‍රථමයෙන් ජාත්‍යන්තරය ගැන බලමු, පසුගිය වසරේ ජනවාරි 8 වන දා සිඳුවූ ආණ්ඩු වෙනසකින් පසු ශ්‍රී ලංකාව සාපේක්‍ෂව බටහිර රටවල් සඳහා වැඩි වශයෙන් විවෘත වී ඇත. එලෙස විවෘත කළ දොරටුව මාස කිහිපයකට පෙර පැවැති මහ මැතිවරණයෙන් අනතුරුව තවඳුරටත් විශාලවී ඇත. ආණ්ඩු වෙනසකින් අනතුරුව ශ්‍රී ලංකාවේ බල සමානතාව බටහිර ලෝකයට හා ඉන්දියාවට වාසිදායක අයුරින් පත්වී තිබේ. පසුගිය වසරේ සිට එම බල සමානතාව ක්‍රමයෙන් ස්ථීරත්වයට පත්වෙමින් තිබේ. මෙම නව බලසමානතාවේ ස්ථීරත්වය බිඳදැමිට හැකි ප්‍රධාන පාර්ශවයන් දෙකකි. එය මහින්ද පාර්ශවය හා දෙමළ ජනතාව අතර සිටින පාර්ශවයවේ.

මහින්ද රාජපක්‍ෂ දැන් යමිකිසි ආත්ම ආරක්‍ෂිත තත්වයකට පත්වෙමින් සිටියි. ඔහුට හා ඔහුගේ පවුලේ ඥාතීන් වටා ගොඩ නැගෙන චෝදනා නඩුවලින් බේරීම සඳහා නව රජය සමඟ ඇතම් කරුණු කාරණාවලදී නිහඞවීමට පටන්ගෙන තිබේ. එමෙන් මහින්ද රාජපක්‍ෂව තවඳුරටත් ආත්ම ආරක්‍ෂක තත්වයකට පත්කිරීමතුලින් ආණ්ඩු වෙනසකින් පසු ඇති වූ බල සමානතාව තවඳුරටත් ශක්තිමකත් කරගත හැකි බවට බටහිර රටවල් විශ්වාස කරයි.

එමෙන්ම දෙමළ ජනතාව අතර ද යම්කිසි විසඳුමක් කරා තත්වය ගෙන යෑමෙන් දෙමළ පාර්ශවය විසින් ද නව බල සමානතාවට ගැටළුවක් නොවන අයුරින් බලා ගැනීමට බටහිර රටවල් උත්සහ කරයි. මෙම නිසා විසදුමක් කරා යෑමේ අවශ්‍යතාවය බටහිර රටවල්වලට ද තිබේ. විශේෂයෙන් පසුගිය මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ලබාගත් ජයග්‍රහණය ආරක්‍ෂා කළ යුතු යැයි බටහිර රටවල් හා ඉන්දියාව ද සිතන අතර, එම ජයග්‍රහණය විසඳුමක මාර්ගය ලිහිල් කර ඇතයි ඔවුන් විශ්වාස කරති. ආණ්ඩු වෙනසකින් ඇති වූ බල සමානතාව හා දෙමළ ජනතාවගේ විසඳුම යන කාරණා දෙක කුමන ආකාරයේ පොදු තැනකට ගෙන්විය හැකි ද යන්න දැනට ඔවුන් ඉදිරියේ තිබෙන අභියෝගයවේ. කාලසීමාවේ යුක්තිය සඳහාවූ පියවර, යුද අපරාධ පිළිබඳ මිශ්‍ර ක්‍රිමවේදය, විසඳුමක් ලබා ගැනීම සඳහා වූ ක්‍රියාමාර්ගයක්, සහජීවන කටයුතු යන කාරණා හතරම උපරිම වශයෙන් සමානව ක්‍රියාත්මක කරනවාද? යැයි උත්සහ කරති. එනම් ආණ්ඩු වෙනස ශක්තිමත් කිරීමේ අරමුණින්ද දෙමළ ජනතාවට යම්කිසි විසඳුමක් ලබාදීමට සිදුව තිබේ.

ඊළඟ පාර්ශවය ඉන්දියාවයි.. ඉන්දියාව ද මේ සම්බන්‍ධයෙන් බටහිර රටවල්හි ආකල්පයේම සිටිය හැක. ආණ්ඩු වෙනසයෙහි බල සමානතාව රැක ගැනීමේ අවශ්‍යතාව ඉන්දියාවට ද තිබේ. හදිසි අවස්ථාවල නොසන්සුන් වන තමිල්නාඩුව මැඩපැවැත්වීම සඳහා ද ශ්‍රී ලංකාවතුල යම්කිසි විසඳුමක් සොයාගත යුතුයි. ඉන්දු-ලංකා ගිව්සුම එහි ආරම්භයක් ලෙස ඉදිරිපත් කර පියවරක් ගැනීමට ඉන්දියාව කැමැතිවිය හැක. එමෙන් ඉන්දියාවේ පැත්තෙන් බැලුවත් යම්කිසි විසඳුමක අවශ්‍යථාවයක් තිබේ.

තෙවන පාර්ශවය දෙමළ පාර්ශවය, දෙමළ ජනතාවගේ ජන වරම ලබාගත් දෙමළ ජාතික සන්ධානය මෙම වසර විසඳුමක් සඳහා වූ වසර යැයි ප්‍රකාශ කර තිබේ. විග්නේෂ්වරන් හා ඔහු මෙන් සිතන අයගෙන් ආණ්ඩු වෙනසයෙහි බල සමානතාව කඩාකප්පල් නොවිය යුතුයි යන කණගාටුව බටහිර රටවල් හා ඉන්දියාවට ද තිබේ. දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයට ද තිබේ. පසුගිය දශක කිහිපයකදී සිංහල ජනතාව අතරින් කිසිඳු දෙමළ නායකයකුට නොලැබුණු ගෞරවයක් සම්බන්‍ධන් ලබාගෙන තිබේ යැයි දකුණේ කම්කරු ක්‍රියාකරුවකු පවසා තිබුණි. එවැනි ගෞරවයක් වැඩි කරගැනීමේ විසඳුමක් සඳහා වූ මාර්ගය පුළුල් කරගත හැකි යැයි සම්බන්‍ධන් විශ්වාස කළ හැකිය.

පසුගිය ජනාධිපති මැතිවරණයේදී සම්බන්‍ධන් වෙත දැවැන්ත කේවල් ඉල්ලුමක් තිබුණි. එම අවස්ථාව උපයෝගි කරගෙන සිංහල නායකයන්, බටහිර ලෝකය හා ඉන්දියාව ද යම්කිසි විසඳුමක් කරා ගෙන යෑමට උත්සහර කරන්නට තිබුණි. නමුත් සම්බන්‍ධන් එම කේවල භාවිතා කළේ නැහැ. මහින්දව පරාජය කිරීම සඳහා වූ ආරම්භ සාකච්ඡාවකදී චන්ද්‍රිකා “ මීට පෙර සිටි සිංහල නායකයන් සියළු දෙනාම තමන් ලියූ ගිව්සුම් සියල්ල පසු කාලයේදී ඔවුන් විසින්ම අමතකර දමා ඇති පසුබිමක නොලියන ලද ගිව්සුමකට ඔබ සූදානමින් සිටිනවාද?“ යැයි සම්බන්‍ධන්ගෙන් විමසූ විට, “කොතරම් තීන්ත දමා ගිව්සුම් අත්සන් කරනවාද යන කාරණාවට වඩා කෙතරම් දුරට අන්යෝන්ය වශයෙන් විශ්වාසය තබා සිටින්නේද යන කාරණාව වැදගත්ය“ යැයි සම්බන්‍ධන් පවසා ඇත. එවැනි විශ්වාසයක් මත තමයි මෙම වසර විසඳුමක් සඳහා වූ වසරක් ලෙස සම්බන්‍ධන් ප්‍රකාශ කළේද?

සිව්වැන්න සිංහල නායකයන්ගේ පාර්ශවය, ඊයේ දිනයේ සිට පාර්ලිමෙන්තුව ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවක් ලෙස පත් කෙරුණි. ආණ්ඩුක්‍රම සංශෝධනයේදී ජාතික ප්‍රශ්ණයට විසඳුමක්ද ඇතුලත් කරනු ඇතයි දැකිය හැක. එනම් කුමක් හෝ විසඳුමක් කරා තත්වය ගමන් කිරීමට පටන්ගෙන තිබේ. ඒ අනුව පවසන්නේ නම් 1987 වසර මෙන්, 2009 වසර මෙන්, මෙම වසර ද දෙමළ ජනතාව ගත්කළ අවනිශ්තිත වසරක් ලෙස තිබෙයිද?

හරියටම වසරකට පෙර මෙම කාලවකවානුවේදී ජනාධිපති මැතිවරණයට සාපේක්‍ෂව දෙමළ ජනතාවගේ කේවල් කිරීමේ බලය සාපේක්‍ෂව ඉහළින් තිබුණි. නමුත් දැන් රනිල් වික්‍රමසිංහ මහතාගේ කේවල් කිරීමේ බලය සාපේක්‍ෂව ඉහළින් තිබේ. ආණ්ඩු වෙනසකින් පසු ශ්‍රී ලංකාව එහි ජාත්‍යන්තර ආකර්ශනීය භාවය ක්‍රමයෙන් නැවත ලබා ගනිමින් සිටියි. ආරබි වසන්තය සමඟ සසඳා බලන විට ශ්‍රී ලංකාවේ සිඳුවූ ආණ්ඩු වෙනස ඉතා සුහඳව සිදුවුණි. මෙම ආණ්ඩු වෙනස ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ආකර්ශනීයත්වය තවඳුරටත් ප්‍රවර්ධනය කර තිබේ. කුමන්ත්‍රිණ කිසිවක් නැතිව සාමකාමි ලෙස ආණ්ඩු පාලනය හුවමාරුවීමේ තරමට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දැනටත් ශක්තිමත්ව තිබෙන බවට බටහිර රටවල් විශ්වාසය කරන අයුරින් ආණ්ඩු පාලන වෙනස සිදුවුණි. එය මෙම කුඩා දිවයිනේ විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කර තිබේ. මෙම කුඩා දූපත කරා අධික වශයෙන් ඉතා කෙටිකලක් තුල එන යන විදෙස් රාජතාන්ත්‍රිකයන්ගේ ප්‍රමාණය හා ඔවුන්ගේ ධූරවල ඉහළ තත්වය ද එය සනාථ කරමින් තිබේ. මෙලෙස ශ්‍රී ලංකාවේ ආකර්ශනීයත්වය ඉහළ ගොස් තිබෙන්නේ නම් නව රජයේ ආකර්ශනීය භාවය ව්‍යාප්ත වන බවට අර්ථගතවේ. එනම් රනිල්ට දැන් වැඩි ඉල්ලුමක් ඇත. මෙලෙස වැඩි ආකර්ශනීය ඉල්ලුමක් ඇති කාල සීමාවක්තුල ජාතික ප්‍රශ්ණයට නිසි විසඳුමක් ඉදිරිපත් කිරීමට රනිල් වික්‍රමසිංහ උත්සහ කරනු ඇත.

වෙනස ශක්තිමත් කළ යුතු නම් රනිල්ව ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා බටහිර ලෝකය, ඉන්දියාව රනිල් වෙත රැඳී සිටිය යුතුයි. මෙය ඔහුගේ ඉල්ලුම තවඳුරටත් වැඩිවේ, තම ඉල්ලුම ප්‍රබලව තිබෙන කාලයකදී සිංහල නායකයන් දෙමළ ජනතාව වෙත එයිද? නැතිනම් දෙමළ ජනතාවට තමන් වෙත එන්නැයි ඉල්ලා සිටියිද?

සිංහල ජනතාවට අකමැති විසඳුමක් නොදී සිටීමට අවශ්‍ය බලය රනිල්ට ලැබෙමින් තිබේ. එක් පසකින් වෙනස රැක ගැනීමට රනිල්ව ශක්තිමත් කරගත යුතු අවශ්‍යතාවයෙහි සිටින බටහිර ලෝකය හා ඉන්දියාව ද විසඳුම යන කාරණාව කෙරෙහි ඔහු වෙත වැඩි බලපෑමක් එල්ලකරනු ඇතයි බලාපොරොත්තුවිය නොහැක. තවත් පැත්තකින් දැනටත් අභියෝගයක් ලෙස සිටින මහින්දව හේතුවකට පෙන්වා විසඳුමේ ඝනකම අඩු කිරීමට ද ඔහුට පුළුවණි.

රනිල්ගේ පැතින් සිතා බලනවිට, ඔහුට මෛත්‍රී හා මහින්ද යන දෙදෙනාම අවශ්‍යවේ, ඔහුව ගත් කළ මහින්ද යනු අවශ්‍යතම නපුරකි. මහින්දගෙන් තම පාලනයට අභියෝගයක් නැහැ යැයි විශ්වාස කළ හැකි තරමට මහින්දව බලහීන කරන අතරතුර ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කඩා තබාගෙන සිටින තරමට ශක්තිමත්ව සිටීමට රනිල් කැමැතිවේ. එමෙන් මහින්දව තබා ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කඩා වෙන්කිරීමේ තත්වයක තබාගත හැක. ඒ අතර මහින්දව හේතුවක් ලෙස පෙන්වා ජාතික ප්‍රශ්ණයේ අන්තර්ගත කරුණු අඩුකරගත හැකිය. එමඟින් සිංහල දැඩිමතධාරින්ව යම්කිසි දුරකට තෘප්තිමත් කළ හැකිය. තමන් ලබාදීමට අකමැති විසඳුම මහින්දව හේතුවකට පෙන්වා පලිය මහින්ද වෙත දමා බෙීරීමට රනිල් උත්සහ කරනු ඇත.

එලෙස බලන විට, දකුණේදී මහින්දගේ දේශපාලනය නිහඞ බලයක් ලෙස පැවැත්වීමේ තත්වයක් අධික වශයෙන් දැකින්නට තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ සිටින දෙමළ ප්‍රධානියකු ද මෙවැනි අදහසක්ම මිතුරකු සමඟ පවසා තිබේ. “මෛත්‍රී හා චන්ද්‍රිකා මහින්දව හැකි තරමින් පරාජය කිරීමට කැමැත්තෙන් සිටිනවා, මන්ද ඔහු නැවැත බලයට පැමිණියේ නම් පළමු බිල්ල ඔවුන්ය. නමුත් මහින්දව සීමාවකට එපිට බලහීන කිරීමට රනිල්ගෙන් කැමැත්තක් නැහැ“.

මෙය එක් පැත්තකින් ප්‍රතිඋපාකරයක්ද වේ. පසුගිය කාලයේ රනිල්ගේ නායකත්වයට එරෙහිව දෙවන පෙලේ නායකයන් කුමන්ත්‍රණ කිරීමට තැත් කළ අවස්ථාවලදී එම තොරතුරු සියල්ල මහින්ද සිය ඔත්තුකරුවන් මගින් දැනගෙන එය විගසින්ම රනිල්ට දැනුවත් කරන බවට කථාවක් දකුණේ ප්‍රධානීන් අතර පැවැසේ. එය එක් පැත්තක සම්බන්‍ධතාවක් පමණක් නොවේ. එයට එහා රනිල්ගේ නායකත්වය යටතේ එ.ජා.ප. ශක්තිමත් විපක්‍ෂයක් ලෙස ප්‍රවර්ධනය නොවන බවට මහින්ද විශ්වාස කළේය. එමෙන් රනිල්ව තවඳුරටත් එ.ජා.ප. නායකයා ලෙස තබාගැනීමෙන් බලහීන එ.ජා.ප. තබාගත හැකි බවට මහින්ද විශ්වාස කළේය.

එදා බලහීන එ.ජා.ප.ක් තවඳුරටත් රැක ගැනීමේ අරමුණින් රනිල්ව මහිනද ආරක්‍ෂා කළේය. එලෙසම අද බලහීන ශ්‍රී.නි.ප. ක් රැක ගැනීමට යම්තාක් දුරකට මහින්දව ආරක්‍ෂා කර ගැනීමට රනිල් උත්සහ කළ හැකිය.

එමෙන් ඉහත සඳහන් කරුණු කාරණා සියල්ල කෙරෙහි අවධානය යොමු කළ විට එක් දෙයක් පැහැදිළිවේ. හරියටම වසරකට පෙර තම කේවල් කිරීමේ බලය සාපේක්‍ෂව ඉහළ තිබූ කාල වකවානුවේදී දෙමළ නායකයන්ට තම ඉල්ලුම වැඩි කිරීමට උත්සහ කළේ නැත. නමුත් දැන් වසරකට පසු එම කේවල් ඉල්ලුම හාත්පසින්ම වෙනස්වී ඇත. සිංහල නායකත්වයෙහි ඉල්ලුම සාපේක්‍ෂව ඉහළ යමින් තිබෙන ජාත්‍යන්තර පරිසරයක දෙමළ ජනතාව සිිහින දැකින විසඳුමක් ලැබෙන්නට නම් පුදුමයක්, හාස්කමක් සිඳුවිය යුතුයි…

පරිවර්ථනය – ජස්මින්
Global Tamil News – Sinhala