SRILANKAN NEWS

යාපනයදී අද දින පැවැති දෙමළ මහජන සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය

යාපනය වීරසිංගම් ශාලාවේදී අද (5) දින පැවැති විද්වතුන්, දේශපාලන නායකයන් සහ ජනතාව සභාගිවූ සාකච්ඡාවලින් අනතුරුව ජනතාවගේ අදහස් යෝජනාවලට අනුව එළිදැක්වූ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සඳහන් වේ.

1) ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්ණයට විසඳුම, මෙම ජාතික ප්‍රශ්ණයෙහි මූලික හේතු කාරණා හඳුනාගෙන එයට ස්ථීර විසඳුමක් ලබා දෙන අයුරින් තිබිය යුතුයි.

2) ජාතික ප්‍රශ්ණයට විසඳුම උතුර, නැගෙනහිර ඒකාබද්ධ දෙමළ ප්‍රදේශයේ, ස්වයං නිර්ණ අයිතිය හා අනාගමික ෆෙඩරැල් විසඳුමක් වන අතර, ශ්‍රී ලංකාවේ ගෞරවය හා සාමයට ගරු කර සියළු ජාතීන්ම සමගියෙන් ජීවත්විය හැකි ස්ථීර සාමායක් ඇති කිරීමට රුකුලක් වනු ඇත. මෙය දෙමළ ජනතාවගේ මූලික දේශපාලන අභිලාෂයක් වන අතර දශක ගණනාවක් මැතිවරණවලදී ලබාදුන් පොරොන්දුව, තිම්බු ප්‍රකාශනය, පොන්කු තමිල්, එලුහ තමිල් වැනි ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් ඉතා පැහැදිළිව අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී අපේක්‍ෂාවක්ද වේ.

ඒකාබද්ධ උතුර නැගෙනහිර දෙමළ ප්‍රදෙශයේ ස්වයං නිර්ණ අයිතිය පිළිගෙන එහි අනන්‍යතාවය ස්වෛරි භාවය යටතේ ෆෙඩරැල් විසඳුමක් යනු අත්හැරීමට නොහැකි දේශපාලනික ඉල්ලීමකි. ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්ණයට ඉදිරිපත් කරන ඔනෑම විසඳුමක් මෙම කාරණා යටතේ ප්‍රවේශ වීම සාධාරණීය වන අතර, දිගු කලක් ස්ථීරව පවතිනු ඇත.

3) උතුර නැගෙනහිර ඒකාබද්ධ දෙමළ ප්‍රදේශයේදී ( සැලසුම් සහගතව රාජ්‍ය බලයෙන් පදිංචි කළ ජනතාව හැර) ස්වදේශීව ජීවත් වන මුස්ලිම්, සිංහල ජනතාව ද මෙම ෆෙඩරැල් විසඳුමයෙහි සියළු අයිතිවාසිකම්වලට හිමිකම් තිබේ. ඒකාබද්ධ උතුර නැගෙනහිර ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව තමන් සඳහා වූ දේශපාලන බලය ඉල්ලා සිටීමට අයිතියක් ඇත.

4) ශ්‍රී ලංකාවේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, කඳුකර දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන්, මූලික අවශ්‍යතාවන් ද තෘප්පිතමක් ලෙස ලබා දෙන අයුරින් තිබිය යුතුයි. ඒ සඳහා වූ හඞ සහ මිත්‍ර ස්ථාරවය ද අපි සැමවිටම ලබා දෙන්නෙමු.

5) පසුගිය වසර 70ක කාලයක් දෙමළ ජනතාව වෙත සැලසුම් සහගතව ශ්‍රී ලංකා රජය විසින් සිදුකරන ජන සංහාරයෙන් අප ජාතියේ පැවැත්ම ආරක්‍ෂා කර ගැනීමට ඉහත සඳහන් දේශපාලනික ඉල්ලීම පිළිගත යුතුයි.

තවද ජාත්‍යන්තර අධිකරණය නැතිනම් එක්සත් ජාතීන් සංවිධානයේ අධීක්‍ෂණය යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය වැනි ස්වාධීන ජාත්‍යන්තර අපරාධ නීති ක්‍රිමවේදයක් මගින් මෙම ජන සංහාරය පිළිබඳව විභාග කර පීඩාවට පත්වූ ජනතාව සාධාරණයක් ලබාදිය යුතුයි.

අපගේ දේශපාලන විසඳුමක් සඳහා වූ ඉල්ලීම සහ ජන සංහාරයට වගවීම යන කාරණාව අත්හැරිය හැකි, විකල්පයකට අයත් කාරණාවක් නොවේ. දෙමළ ජනතාවට ස්වාභාවික යුක්තියට අනුව සාධාරණයක් ලැබෙන්නේ ඉහත සඳහන් කාරණා දෙක සම්පූර්ණ කිරීම තුලින්ය.

6) දේශපාලන විසඳුම සහ වගවීම ගැන ජාත්‍යන්තර වේදිකාවල පොරොන්දු ලබාදී, එය ඉටු නොකර කල් ගත කරමින් රැවටීම තමයි ශ්‍රී ලංකා රජය කලාන්තරයක් තිස්සේ සිඳුකරන ක්‍රියාවලිය වේ.

ජාත්‍යන්තර බලපෑම්වලින් තමන්ව ආරක්‍ෂා කර ගැනීමට උපක්‍රමයක් ලෙස මෙම අසත්‍ය පොරොන්දු ලබාදීම තම සාමාන්‍ය වැඩපිළිවලක් ලෙස ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටියි. ඒ අනුව වත්මන් රජය හා පසුගිය කාලයේ රජයන් අතර කිසිඳු ආකාරයකින් වෙනසක් නැත.

මෙම රජය, 2015, 2016, සහ 2017 වසරවල එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවේදී ලබාදුන් පොරොන්දු කිසිවකු නිහතමානී ලෙස, එක්සත් ජාතීන්ගේ සභාවේ අවධාරණය කළ පරිදි පීඩාවට පත්වූවන්ගේ අදහස් විමසා සිඳුකර නැත. ජාත්‍යන්තරය රැවටීමට නාමිකව වැඩ කටයුතු සිදුකරමින් සිටියි.

ලොව ඉහළම සභාවක් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ සහ ප්‍රජාතන්ත්‍රික ක්‍රිමවේදයන්හි විශ්වාසය තබා ඇති රටවල්හි ගෞරවයට හානි කරන අයුරින් එයට අභියෝග කරන ආකාරයෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ නිර්දේශ කළ ජාත්‍යන්තර විනිසුරුවරුන්, ත්‍රස්ත මර්ධන පනත ඉවත් කිරීම, වැනි කටයුතු පැහැදිළිවම ප්‍රතික්‍ෂේප කරමින් වත්මන් රජයේ ජනපති, අගමැති සහ මැති ඇමැතිවරුන් ප්‍රසිද්ධියේ නිල වශයෙන් අදහස් ප්‍රකාශ කරමින් සිටීම ගැන ජාත්‍යන්තර බලවේග සිය අවධානය යොමු කළ යුතුයි.

7) වගවීම පමණක් නොව දෙමළ ජනතාවගේ දේශපාලනික අපේක්‍ෂාව, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් විමසීමේ කමිටුවට ද කරුණු ඉදිරිපත් කිරීම ඇතුළු අවස්ථා ගණනාවකදී ජනතාව සිය අපේක්‍ෂාව ඉදිරිපත් කළ නමුත් එය සියල්ල සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප කරන අයුරින් ජනපති, අගමැති සහ මැති ඇමැතිවරුන් හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවේ සභාපති ඇතුළු නිලධාරින්ගේ අදහස් ප්‍රකාශන දැක්නට තිබේ.

රජයේ ඉහළ බලධාරීන් නිල වශයෙන් ප්‍රතික්‍ෂේප කිරීම, මෙම රජයට ද දෙමළ ජනතාවගේ දේශපාලනික ප්‍රශ්ණයට විසඳුමක් ලබාදීම ගැන හෝ අවංකව වගවීම ගැන ද සැබෑ අපේක්‍ෂාවක් නොමැති බව වරින් වර පැහැදිළි වන හේතුවෙන්, වර්තමාණයේ සිඳුවන කටයුතුවලින් රජය කෙරෙහි දෙමළ ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති හෙයින් ජාත්‍යන්තර රටවල් මේ සමබන්‍ධයෙන් සෘජුව මැදිහත්වී පීඩාවට පත්වූ ජනතාවට සාධාරණ යුක්තියක් ලබාදීමට පියවර ගත යුතුයි.

දෙමළ මහජන සභාව
05/09/2017